தமிழ்
English
Contact
Friday 18th September 2020    
20 සංශෝධනය නිසා රටම ශිෂ්ටත්වයෙන් අශිෂ්ටත්වය කරා යනවා - ජ.වි.පෙ. නායක අනුර දිසානායක | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

20 සංශෝධනය නිසා රටම ශිෂ්ටත්වයෙන් අශිෂ්ටත්වය කරා යනවා – ජ.වි.පෙ. නායක අනුර දිසානායක



20 වැනි වයවස්ථා සංශෝධනය නිසා රට ශිෂ්ටත්වයේ සිට අශිෂ්ටත්වය කරා ගෙනයනු ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පවසයි.
අද(4) දින බත්තරමුල්ල, පැලවත්ත ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ජ.වි.පෙ. මාධය හමුවකදී මේ බව ප්‍රකාශ කරන ලදී.
ඔහු ඒහිදී සඳහන්කරන ලද්දේ ඉතිහාසය පුරා ශිෂ්ටත්වය කරා ආ ගමනක් ආණ්ඩුව විසින් වෙනස් කිරීමකට පියවර ගනිමින් සිටින බවයි.
“ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව, නීති පද්ධති, ආයතන ව්‍යුහයන් ගොඩනැගුණේ හුදු පුද්ගල මනඃකල්පිත ලෙස නෙමෙයි; මානව ශිෂ්ටාචාරය තුළ සිදුකරන ලද අරගල, සටන්, සාකච්ඡා මගිනුයි…..” යනුවෙන් ජ.වි.පෙ. නායකයා ඒහිදී පැවසීය.
“…. ඉතිහාසය තුළ ගෝත්‍ර යුගයේ සියල්ල ගෝත්‍ර නායකයා විසින් තීරණය කළා. අද පවතින අර්ථයෙන්ම නොවුණත් විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණ බලය ගෝත්‍ර නායකයා විසින් ක්‍රියාත්මක කළා. එහෙත් මිනිස් ඉතිහාසය තුළ මේ අත්තනෝමතිකත්වයට එරෙහි අරගල හා දාර්ශනික අදහස් නිසා ලෝකය නිදහස් තැනක් බවට පෙරළුණා. ලෝකය අශිෂ්ටත්වයේ සිට ශිෂ්ටත්වය කරා ආවා.
නමුත් ආණ්ඩුව විසින් මේ යෝජනා කර තිබෙන 20වැනි සංශෝධනය මගින් මානව සමාජය ශිෂ්ටත්වයේ සිට අශිෂ්ටත්වය කරා යනවා. සියලු බලය යළි ගෝත්‍ර නායකයෙකු අතට පත්වීමක් දැකිය හැකියි. ඊට නිදසුන් ගණනාවක් මෙම 20වැනි සංශෝධනය තුළ අඩංගු වෙනවා. පාර්ලිමේන්තුව වෙනම ජන වරමක් මගින් පත්කරනු ලබනවා. එහෙත් නව සංශෝධනය අනුව පාර්ලිමේන්තුව පත්වී වසරක් ගතවූ පසුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයා අතට පත්වෙනවා.”