Posted on 09.12.2018 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
ඊයේ දිනයේ එක්සත් ජනපදය පුරා සැප්තැම්බර් 11 ප්රහාරයෙන් මියගිය අය අනුස්මරණය කර ඇති බව වාර්තාවේ.
මීට වසර 17 කට පෙර අල්කයිඩා සංවිධානයේ මෙහෙයවීමෙන් 9රෑ11 දින එ.ජනපදයේ වර්ලඩ් ටේ්රඩ් සෙන්ටර් හා පෙන්ටගනයට හා පෙන්සෙලවේනියවේ ස්ථානයක්ද ඇතුළුව බිහිසුණු ප්රහාර කිහපයක් එල්ලකරනු ලැබූහ.
එම ප්රහාරයෙන් එ.ජනපද වැසියන් 2996 දෙනෙකු මියගිය බව වාර්තාවේ.
එ. ජනපයට විදේශිකයින් විසින් එල්ල කරනු ලැබූ බිහිසුණුම ප්රහාරය ලෙස එරට ඉතිහාසය තුල එම ප්රහාරය සටහන් ඇති බවද වාර්තාවේ.
ප්රහාරයන් සිදුවූ ස්ථානවලට රැස්වූ දහස් ගණන් එ.ජනපද වැසියන් සිය මියගිය සමීපතමයින් සිහිකරමින් සැප්තැම්බර් මස 11 දින ප්රහාරයේ 17 වස සංවත්සරය සමරනු ලැබූහ.
වොෂින්ටහි ධවල මන්දිරයේ කාර්යය මණ්ඩලයද සිය සැමරුම සිදුකර ඇති බව වාර්තාවෙ. එ.ජනපද ජනාධිපති ට්රම්ප් පෙන්සෙලවේනියාහි පැවැති සැමරුම් උත්සවයට සහභාගිවී තිබේ.
’එ.එනපදයේ අනාගතය ලියනු ලබන්නේ අපගේ සතුරන් නොව අපගේ වීරයින් විසින් බව’ සැමරුම් උත්සවය අමතමින් ට්රම්ප් ප්රකාශකර තිබේ.
වසර 17 කට පෙර එ.ජනපදයට එල්ලකරන ලද මෙම බිහිසුණු ප්රහාරයට සම්බන්ධ අල්කයිඩා නායක ඔසාමා බිල් ලාඩන්ව පකිස්ථනයේ ඇබෝර්ඩ්ට්හිදී සිදුකර ලද මෙහෙයුමකින් පසුව ඝාතනය කළ බව හෙළි කළේය.
80 දශකයේ ඇෆ්ගනිස්ථානයේ සෝවියට් හමුදාවන්ට එරෙහිව අල් කයිඩා සංවිධානය නිර්මාණය කිරීමේ ප්රමුඛ වැඩ කොටසක් සිදුකරනු ලැබුවේ ඒ. ජනපද සී.අයි.ඒ සංවිධානය මැදිහත්වීමෙන් බව හෙළිව තිබේ.