தமிழ்
English
Contact
Tuesday 24th November 2020    
20121 රජයේ විසර්ජන පනත සූදානම්! - මෙවරත් වැඩිම වියදම් මිලිටරියට හා මර්දනයට ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

20121 රජයේ විසර්ජන පනත සූදානම්! – මෙවරත් වැඩිම වියදම් මිලිටරියට හා මර්දනයට !



ආණ්ඩුව විසින් 2021 වසර සඳහා ප්‍රකාශයට පත්කර ඇති විසරජින පනත් කෙටුම්පතෙන් මෙවරත් වැඩිම වියදම ලෙස රු.බිලියන 355ක්ම යොදවා ඇත්තේ ආරක්ෂක කටයුතුවලටය.
වාර්සික අයවැයේ රාජ්‍ය වියදම් වැඩිම පංගුව මේ ආකාරයට ආරක්ෂක අමාත්‍යංශ වියදම් ලෙස යෙදවීමේ අරමුණ වන්නේ සන්නද්ධ හමුදා, පොලිසිය ඇතුළු මිලිටරි හා මර්දන කටයුතු ශක්තිමත් කිරීම උදෙසා බව පැහැදිලිය. දෙවැනි වැඩිම වියදම වන්නේ බිලියන 330ක් වෙන්කර ඇත් මහාමාර්ග අමාත්‍යංශයටය. රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත්පාලන අංශයට බිලියන 271.7ක් වන්කර ඇති අතර මුදල් අමාතයංශයට බිලියන 157ක වියදමක් වෙන්කර ඇත.
කෙසේ නමුත් මහජනතාවට අත්‍යවශ්‍ය පහසකම් ලෙස ප්‍රවාහන, සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍ර වෙනුවෙන් වෙන්කර ඇති මුදල් පිළිවෙළින් බිලියන 41, 159 සහ 126ක් පමණි. මීට අමතරව ජලසම්පාදනයට බිලියන 96කි. මේ ආකාරයට ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් වැය කරනවාට වඩා ආණ්ඩුව සිය මර්දන යාන්ත්‍රණය පවත්වාගෙන යාම හා වැඩිදියුනු කිරීම සිදුකරන්නේ ජනතාව මර්දනය කිරීමේ පාලනයක් ලෙස ඉදිරියට පවතින බව සනාථ කරමිනි.
මේ වනවිට වසංගතයද පැමිණ ආර්ථික අර්බුදය උත්සන්න වෙමින් තිබියදී නිෂ්පාදන ක්ෂේත්‍ර සංවර්ධනයට ආණ්ඩුව ප්‍රමාණවත් බරතැබීමක් කර නැති බවද මෙම විසර්ජන පනත් කෙටුම්පතින් දැනගන්නට ලැබේ. කර්මාන්ත, වාරිමාර්ග හා ධීවර කටයුතු සඳහා බිලියන 3.5, 46 සහ 4.5ක් ලෙස වෙන්කර තිබීමෙන්ද ඒ බව ඔප්පු වේ. කෘසිකර්මාන්ත සඳහා බිලියන 24ක හා වැවිලි සඳහා වෙන්කර ඇත්තේ බිලියන 24ක් හා 1.2ක් පමණකි. සංචාරක කටයුතු හරහා මෙරට ආර්ථිකය වර්ධනය කරන්නට ප්‍රකාශ නිකුත් කරන ආණ්ඩුවේ 2021 අයවැයෙන් ඒ සඳහා වෙන්කර ඇති වියදම බිලියන 1.8ක් පමණි.
දේශීය ආර්ථිකයක් සඳහා වැඩි අවධානයක් යොමුකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිදුකරන ප්‍රකාශ හෝ ආණඩ්ුවේ ඇමතිවරුන්ගේ ප්‍රකාශ කිසිවක් මෙම වැයශීර්ෂ හරහා අවධාරනය නොවන බවද පැහැදිලිය.

Image- Sunday Times – Nalin