தமிழ்
English
Contact
Saturday 2nd September 2017    
2017 නවක සිසුන්ට තවමත් මහපොළ වාරික ගෙවා නෑ – අ.වි.ශි.බ.ම. « Lanka Views | Views of the truth

2017 නවක සිසුන්ට තවමත් මහපොළ වාරික ගෙවා නෑ – අ.වි.ශි.බ.ම.



2017 අධ්‍යයන වර්ෂයට අදාළ බඳවා ගත් සිසුන්ට තවමත් කිසිඳු මහපොළ ශිෂ්‍යාධාර වාරිකයක් ලබා දී නොමැති බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ආණ්ඩුවට චෝදනා කරමින් කියා සිටී.

13,000කට අධික ආර්ථික අපහසුකම් සහිත පවුල්වල සිසුන් සඳහා අධ්‍යාපන කටයුතු සිදු කරගෙන යාම වෙනුවෙන් මෙම ශිෂ්‍යාධාර වාරික ලබා දෙන බවත් සෑම වසරකම පාහේ නවක සිසුන්ට නියමිත පරිදි මහපොළ වාරික ලබා දීම මෙලෙස පුරුද්දක් ලෙස ප්‍රමාද වන බවත් මේ හේතුවෙන් සිසුන් දැඩි අපහසුතාවකට පත්වන බවත් එම බලමණ්ඩලය පවසන ලදි.

අදාල හිඟ මහපොළ වාරිකද සමඟ නවක සිසුන්ට ලබා දිය යුතු මුළු මුදල වහාම ලබා දෙන ලෙස ආණ්ඩුවට බලකරමින් කියා සිටින බව එහි කැඳවුම්කරු ළහිරු වීරසේකර වැඩිදුරටත් අදහස් දක්වමින් පවසන ලදී.

නවක සිසුන්ට මහපොළ ලබා දීමේ ගැටලුව සෑම වසරකම සිදුවන බව පැහැදිලිවම දැකිය හැකි අතර හිතාමතාම සිදු කරමින් සිටින මෙම ප්‍රමාද කිරීම එක් පසෙකින් ආණ්ඩුව සිය අර්බුදයන් සඳහා කෙටිකාලීන උපක්‍රමයක් ලෙසද භාවිත කරමින් සිටී.