தமிழ்
English
Contact
Saturday 26th May 2018    
2018 ශීත ඔලිම්පික් උළෙල රුසියානු කණ්ඩායමට තහනම් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

2018 ශීත ඔලිම්පික් උළෙල රුසියානු කණ්ඩායමට තහනම්



දකුණු කොරියාවේ පියොංචෙන්හිදී පැවැතිවීමට නියමිතව ඇති 2018 ශීත ඔලිම්පික් උළෙලට සහභාගීවීම රුසියානු ඔලිම්පික් කණ්ඩායමට තහනම් කර ඇති බව පසුගිය 05 වැනිදින ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

පසුගිය රියෝ ඔලිම්පික් උළෙලට සහභාගීවූ රුසියානු ඔලිම්පික් ක්‍රීඩකයන් 96 දෙනෙකුට එරෙහිව තහනම් උත්තේජක ගත් බවට චෝදනා එල්ලවූ අතර ඒ සදහා රුසියානු රජයද වග කිවයුතු බවටද චෝදනා එල්ලවිය.

මෙයට හේතුව ලෙස දක්වා ඇත්තේ රුසියානු රජය එරට ක්‍රීඩකියින්ගේ තහනම් උත්තේජක භාවිතය පිළිබදව ප්‍රමාණවත් ලෙස පාලනයට මැදිහත්ව නැති බවත් එම තහනම් උත්තේජක ලබාගත් බවට තහවුරුවූ ක්‍රීඩකයින් සම්බන්ධයෙන් ප්‍රමාණවත් ක්‍රියා මාර්ග නොගන්නා බවට චොද්නා කරමින්ය.

කෙසේ වෙතත් චෝදනා එල්ලවී ඇති රුසියානු ක්‍රීඩකයින් එම චෝදනාවන්ගෙන් නිදහස් වී ඇත්නම් ඔවුන්ට රුසියානු කණ්ඩායම ලෙස නොව වෙනම ස්වාධීන කණ්ඩායමක් ලෙස තරගාවලියට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දීමටද ජාත්‍යන්තර ඔලිම්ලික් කමිටුව තීරණය කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

කෙසේ වෙතත් මෙසේ රුසියානු ඔලිමිපික් කණ්ඩායමට එරෙහිව මතුව ඇති තහනම් උත්තේජන චෝදනාව එල්ලවීමෙන් පසු එරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට බලවත් අසාධාරණයක් සිදුවන බවත් එපමණක් නොව මෙය එක්සත් ජනපය හා ප්‍රමුඛ රටවල් කිහිපයක් විසින් රුසියාව හුදෙකාල කිරීමේ දේශපාලන උවමනාවෙන් සිදුකරනු ලබන දේශපාලන මැදිහක්වීමක් ලෙස සැලකෙන බවට රුසියානු පාර්ශ්වය ප්‍රතිචෝනා කරනු ලබයි.

මෙසේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සිය නිවේදනය නිකුත් කිරීමෙන් පසුව අදහස් දක්වා ඇති එක්ත් ජනපද සෙනෙට් මන්ත්‍රී ජොන් මැකේන් පවසා ඇත්තේ රුසියාවේ පැවැත්වීමට නියමිතව ඇති 2018 ජාත්‍යන්තර පාපාන්දු තරගාවලිය පවා මේ තත්වය නිසා වෙනස් කළයුතු බවයි.

එම අදහස් සම්බන්ධව රුසියානු මාධ්‍ය පවසා ඇත්තේ වත්මන් එක්සත් ජනපද දේශපාලන වුවමනාව වන ගෝලීය දේශපාලන ආධිපත්‍ය සදහා වන රෙජිම් චෙන්ජ් කිරීමේ දේශපාලන ක්‍රියාවලිය අසාර්ථක වූ අවස්ථාවක් ලෙස සිරියානු අර්බූදය මේ වනවිට පත්ව ඇති බවත් සිරියාවේ රුසියාව කරනු ලැබූ මැදිහත්වීම එක්සත් ජනපද ක්‍රියා මාර්ගය  මේ වන විට යම් අසාර්ථකත්වයක් දක්වා ලත්ව ඇති බවිනි. ක්‍රීඩාව සම්බන්ධයෙන් පමණක් නොව මේ වනිවට දේශපානල හා ආර්ථීක හා සංස්කීතික යන අංශයන්ගෙන් රුසියාව හුදෙකලා කිරීමේ වෑයමක නිරතව ඇති බවයි.

මෙම තහනම තනිකරම රුසියාව හුදෙකලා කිරීමේ ශීතල යුද සමයේ පැවැති දේශපාලන වුවමණාව වෙනත් වටයකින් මත්ද්‍රව්‍ය චෝදාවන් හරහා කරළියට ගෙන ඒමට යොදාගෙන ඇති බවට රුසියානු පාර්ශවය චොදනා කරනු ලබයි.




Related News