தமிழ்
English
Contact
Thursday 21st June 2018    
මාස 2ක් තුළ ලිංගික අපරාධ ඇතුළුව ළමුන්ට සිදුකළ හිරිහැර පිළිබද පැමිණිලි 1500ක් ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මාස 2ක් තුළ ලිංගික අපරාධ ඇතුළුව ළමුන්ට සිදුකළ හිරිහැර පිළිබද පැමිණිලි 1500ක් !



2018 පළමු මාස 02 තුළ පමණක් ළමා අපයෝජන සිද්ධීන් 1532 ක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වාර්තා වී ඇති බව එම අධිකාරියේ නිලධාරින් පවසයි.
ළමුන් කායික, මානසික, ලිංගික හිරිහැරයට ලක්කිරීම මෙන්ම නොසලකාහැරීම් ආදිය සම්බන්ධයෙන් පැමිණිලි කිරිමට ලබාදී ඇති 1929 දරන ළමා ආරක්ෂක අධිකාරියේ දුරකථන අංකයට මෙම පැමිණිලි සංඛ්‍යාව ලැබී ඇත. එම පැමිණිලිවලින් වැඩිම ගණනක් ළමුන් කායික හා මානසික වශයෙන් කෲරත්වයට පත් කිරීම සම්බන්ධයෙන් වන පැමිණිලි බව ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති නීතිඥ මරිනි ද ලිවේරා පවසයි. ලිංගික අපයෝජන, අනිවාර්ය අධ්‍යාපනය ලබා නොදීම, ශ්‍රමිකයින් ලෙස යොදා ගැනීම යනාදිය සම්බන්ධයෙන්ද පැමිණිලි වැඩි වශයෙන් ලැබී ඇති බව සභාපතිනිය සඳහන් කළාය. මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් ගම්පහ, කොළඹ, කළුතර, කුරුණෑගල, රත්නපුර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක්වාර්තා වී තිබේ.