தமிழ்
English
Contact
Tuesday 15th October 2019    
2019 පළමු මාස 4දී රාජපක්ෂ පාලනයකට අතුරු සම්මත ගිණුමක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

2019 පළමු මාස 4දී රාජපක්ෂ පාලනයකට අතුරු සම්මත ගිණුමක්!



2019 පළමුවැනි මාස හතරක කාලයක් සඳහා රජයේ වියදම් පියවා ගැනීම වෙනුවෙන් අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමයෛා්ජනාවට ඇමති මණ්ඩල අනුමැතිය ලැබුණු බව මහින්ද රාජපක්ෂ පාර්ශ්වය පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ ඊයේ (21) පැවැති ඇමති මණ්ඩල රැස්වීමට අගමැති සහ මුදල් ඇමැති වශයෙන් මහින්ද රාජපක්ෂ විසින් අදාල කෙටුම්පත් යෝජනාව ඉදිරිපත් කර තිබේ.

තම පාර්ශ්වයට පාර්ලිමේන්තුවේ බහුතරය ඇති බව ස්ථිර වීමෙන් පසුව අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ලබන වසරේ ජනවාරි 1 වැනිදා සිට මාස හතරක රජයේ වියදම පියවා ගැනීමට රාජපක්ෂ පාර්ශ්වය තීරණය කර ඇත.