தமிழ்
English
Contact
Saturday 16th January 2021    
2020 වසරේ මුල් මාස හය තුළ පමණක් ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් කාන්තාවන් 109ක් දිවිනසාගෙන | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

2020 වසරේ මුල් මාස හය තුළ පමණක් ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් කාන්තාවන් 109ක් දිවිනසාගෙන



2020 වසරේ මුල් මාස හය තුළ පමණක් ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ලබා ගත් ණය ගෙවාගත නොහැකිව කාන්තාවෝ 109 දෙනෙක් සිය දිවි හානිකර ගෙන ඇතැයි A5 පුවත් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

මෙම මූල්‍ය ආයතන කොරෝනා වසංගතයත් සමඟ රට වසා දැමුණු කාලසීමාවේ ගෙවිය යුතු ණය සඳහා වැල් පොලියක් එකතු කිරීම මෙම ණය ලබාගත් පිරිස් වෙත පීඩනය වැඩි කිරීමට හේතු වී තිබේ.

දැනට ලංකාව පුරා ක්ෂුද්‍ර මූල්‍ය ආයතන 10,000කට වැඩි ප්‍රමාණයක් විවිධ ව්‍යාපාරිකයන් විසින් පවත්වාගෙන යනු ලබන අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචිය හා මූල්‍ය බලපත්‍ර ලබාගෙන ඇත්තේ, ඉන් ආයතන 10කටත් අඩු සංඛ්‍යාවක් බව හෙළි වී තිබේ. එසේම මෙම ආයතන මගින් බැංකුවලට සාපේක්ෂව ණය මුදල් සඳහා වැඩි පොළියක් අයකිරීමද දක්නට ලැබෙන තත්ත්වයකි.