தமிழ்
English
Contact
Friday 14th May 2021    
2020 වසරේ රුපියල් බිලියන 650ක් මුදල් අච්චු ගහලා | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

2020 වසරේ රුපියල් බිලියන 650ක් මුදල් අච්චු ගහලා



ශ්‍රී ලංකා මහ බැංකුව 2020දී මුද්‍රණය කර ඇති මුදල්වල වටිනාකම රුපියල් බිලියන 650ක් ලෙස වාර්තාගත ආකාරයෙන් ඉහළ ගොස් තිබේ.

2019 වර්ෂයේදී මහ බැංකුව මුද්‍රණය කරන ලද රුපියල් බිලියන 04ක අගයට සාපේක්ෂව එය අතිවිශාල අගයකි. මහ බැංකුව පවසන්නේ රටේ මූල්‍ය අභියෝග කළමනාකරණය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි. මුදල් මුද්‍රණය ඉහළ යෑම නිසා රජයේ සුරැකුම්පත්වල මුහුණත අගය ඉහළ යෑම සිදුවන බව ද මහ බැංකුව පෙන්වා දී තිබේ.

මහ බැංකු දත්තවලට අනුව 2020 දෙසැම්බර් 31 වන විට රජයේ සුරැකුම්පත්වල මුහුණත වටිනාකම රුපියල් බිලියන 725.19ක් වූ අතර 2020 ආරම්භයේදී එය රුපියල් බිලියන 74.7ක් බව පැවසේ.

මහ බැංකුව 2021 නව වසර ආරම්භ කරන ලද්දේද රුපියල් බිලියන 13.2ක් මුද්‍රණය කරමිනි