Posted on 06.21.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
21නි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
ඊයේ(20) රාත්‍රී පැවති කැබිනට් ඇමති රැස්වීමේදී අදාළ යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ විසිනි .
21නි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරි පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කරන ලදී.
19වැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනය බලාත්මක කිරීමත් සහ 20 වැනි සංශෝධනයේ අහිතකර වගන්ති ඉවත් කිරීමත් මෙම නව පනත් කෙටුම්පත මගින් සිදු කරනු ඇති බව ඇමති විජේදාස රාජපක්ෂ පවසයි.
කෙසේ වුවද විධායක ජනාධිපති බලය අහෝසි කිරීම සම්බන්ධ කිසිදු වගන්තියක් මෙම පනත් කෙටුම්පතට අඩංගු නොවේ. මේ වනවිට ජනතාව ඉල්ලා සිටින ගෝඨාභය ජනාධිපතිවරයා ඉවත් වීම සම්බන්ධ ආණ්ඩුව කිසිදු පියවරක් ගෙන නැති අතර ඒ වෙනුවට ජනාධිපතිවරයා යටතේ ඉදිරි කටයුතු පවත්වා ගෙන යමින් ජනතා විරෝධය නොසළකා කටයුතු කිරීමක් සිදුවන බව පෙනෙන්නට ඇත.