தமிழ்
English
Contact
Monday 10th December 2018    
225 ඡන්දයෙනුත් අගමැති පත් කරන්නෙ නැත්නම් ඒක ජනාධිපතිගෙ ප්‍රශ්නයක්! - රනිල් වික්‍රමසිංහ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

225 ඡන්දයෙනුත් අගමැති පත් කරන්නෙ නැත්නම් ඒක ජනාධිපතිගෙ ප්‍රශ්නයක්! – රනිල් වික්‍රමසිංහ



පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 225 දෙනාගෙම ඡන්දය හිමිවුණ පුද්ගලයාත් අගමැතිකමට පත් නොකරනවා යැයි කියනවා නම් ඒ ජනාධිපතිවරයා පිළිබද ප්‍රශ්නයක් මිස තමන්ගේ ප්‍රශ්නයක් නොවන බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

එ.ජා.ප.යට සම්බන්ධ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වෘත්තිකයෝ සංවිධානය විසින් ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රණයේ ප්‍රතිවිපාක’යන තේමාවෙන් කොළඹ ගාලුමුවදොර හෝටලයේ මෙහෙය වූ විවෘත සංවාදයේදී අදහස් දක්වමින් හිටපු අගමැතිවරයා එසේ සඳහන් කළේය.

ඔක්තෝබර් 26 වැනිදායින් පසුව ඇති වූ දේශපාලන අර්බුදය විසදීම සදහා ජනාධිපතිවරයා විසින් අගමැති පත් කළ යුතු බවට ඇතැමුන් පවසන ප්‍රකාශ සම්බන්ධව සිය අදහස් පළ කරමින් එ.ජා.ප. නායකයා පවසා සිටියේ ලංකාවේ ඇත්තේ ජනාධිපතිවරයා විසින් අගමැති පත්කරන ක්‍රමයක් නොවන බවයි. ඒ නිසා පාර්ලිමේන්තුවේ වැඩිම විශ්වාසය ඇති මන්ත්‍රිවරයා අගමැති ලෙස පත් කිරීමට ජනාධිපතිවරයාට සිදුව බව ඔහු එහිදී පවසා තිබිණි. කෙසේවෙතත්, එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ රට විනාශ කළ අයකු ලෙස හදුන්වමින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් 225 දෙනා අත්සන් කර ඉල්ලීම් කළත් ඔහු අගමැති ධුරයට පත් නොකරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පසුගියදා ශ්‍රිල.නි.ප. සම්මේලනයේදී පැවසීය. ඊට ප්‍රතිචාර දක්වමින් රනිල් වික්‍රමසිංහ පවසා සිටියේ එය එසේ නම් තවදුරටත් තමන්ගේ ප්‍රශ්නයක් නොව ජනාධිපතිවරයා පිළිබද ප්‍රශ්නයක් බවය. එසේම වැඩිදුරටත් අදහස් දක්වමින් එ.ජා.ප. නායකයා පැවසුවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සිය ප්‍රමුඛ කාර්යයක් බවය.

2015 ජනාධිපතිවරණය සදහා දින 100 වැඩසටහන ගෙන එමින් රනිල් වික්‍රමසිංහ මෙන්ම මෛත්‍රිපාල සිරිසේන ප්‍රචාරක වේදිකාවල ජනතාවට පොරොන්දු වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකර ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පාර්ලිමේන්තුව මූලික කරගත් පාලනයක් බිහි කරන බවය. එහෙත් දේශපාලන බලඅරගලය තුළ රනිල් වික්‍රමසිංහ මෙන්ම මෛත්‍රිපාල සිරිසේන ජනතාවට දුන් පොරොන්දු කිසිවක් ඉටු නොකර වසර 3 1/2 රට පාලන කළද දැන් ඔවුන්ම පැහැර හැරි දේශපාලන පොරොන්දු නිසා බල අරගලයේම ගොදුරු බවට පත්ව ඇත. එසේ වුවද මේ දේශපාලන අර්බුදය නිසා තවදුරටත් පාලකයන් කඹ අදින අතර දිනපතා පීඩාවට පත්වන ජනතාවගේ ගැටලු කිසිවක් විසදෙන්නේ නැත.