Posted on 01.10.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ගුවන් හමුදාවට අයත් ඇන්ටොනොව් 32 ගුවන් යානයකට මිසයිල ප්රහාරයක් එල්ල කිරීමෙන් 37 දෙනකු මරණයට පත් කිරීම සිදුකළේ තමන් බවට එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයන් දෙදෙනකු විසින් වරද පිළිගෙන ඇති අකර ඔවුන්ට වසර 185 බැගින් බරපතල වැඩ ඇතිව සිර දඬුවම් නියම කර තිබේ.
මෙම අපරාධය සම්බන්ධයෙන් අධිචෝදනා ලැබ සිටි එල්ටීටීඊයේ මිසයිල බලගනයේ සාමාජිකයන් බව කියන චූදිතයන් දෙදෙනා වරද පිළිගත් බැවින් වෙන් වෙන්ව නියම කෙරුනු මෙම වසර 185 බැගින් වූ සිර දඩුවම් කාලය වසර පහකින් එකවර ගෙවී යන ලෙසට ක්රියාත්මක කිරීමට උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් නියෝග කළේය.
2000 වසරේ මාර්තු මස 30 පලාලි සිට රත්මලාන දක්වා පියාසර කරමින් තිබු ඇන්ටොනොව් 32 වර්ගයේ ගුවන් යානයකට විල්පත්තුව වනයේ සිට මිසයිල ප්රාහාරයක් එල්ල කර විනාශ කර දමන ලදී. මිසයිල ප්රහාරය එල්ල කර ගුවන් යානය බිම හෙළන අවස්ථාවේ ගුවන් හමුදාවේ, නාවික හමුදාවේ සහ පොලිසියේ සාමාජිකයන් සහ යානය පදවමින් සිටි රුසියානු ගුවන් නියමුවා ඇතුළු 37 දෙනෙකු සිට ඇත.
විල්පත්තුව ජාතික වන උයනේ සිට මිසයිල ප්රාහාරයක් එල්ල කර එම ගුවන් යානය විනාශ කළේ තමන් බවට කොටි සංවිධානයේ මිසයිල බලඝනයේ හිටපු සාමාජිකයෙකු වන ඉරාෂතුරෙයි ජෙගන් නැමැති විත්තිකරු ත්රස්ත විමර්ශන කොට්ඨාසයට ලබාදී තිබූ පාපොචිචාරණය සහ දෙවැනි විත්තිකරු ලෙස මිසයිල බලඝනයේ හිටපු සාමාජික නල්ලාමි ශිව ලිංගම් වසර කිහිපයකට පෙර ත්රස්ත විමර්ශන කොටිඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරයෙකුට ලබාදී ඇති පාපොචිචාරණය අනුව මෙම තීන්දුව ප්රකාශයට පත් විය.