தமிழ்
English
Contact
Saturday 18th August 2018    
හම්බන්තොට දුම්රිය පද්ධතිය, ඉදිකිරීම් සමග අවුරුදු 40කට විකුණයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

හම්බන්තොට දුම්රිය පද්ධතිය, ඉදිකිරීම් සමග අවුරුදු 40කට විකුණයි!



දැනට සැලසුම්කර ඇති හම්බන්තොට දුම්රිය සේවා පද්ධතිය ඉදිකර, භාවිත කර පවරන පදනම(BOT) යටතේ වසර 40ක කාලයකට පෞද්ගලික සමාගමකට පැවරීමට තීරණය කර ඇති බව ආණ්ඩුවේ තොරතුරු මූලාශ්‍ර හෙලි කරයි.

ඒ අනුව කිලෝමීටර් 100ක් පමණවන හම්බන්තොට දිස්ත්‍රික්කයේ දුම්රිය මාර්ගය ඉදිකිරීම, සංඥා පද්ධති සකස් කිරීම. දුම්රිය එනජින් හා මගී මැදිරි යොදාගෙන දුම්රිය ධාවනය කිරීම දක්වා එකී සමාගම සතු වේ. එහිදී මත්තල ගුවන්තොටුපළ, මාගම්පුර වරාය හ කතරගම වන්දනාව යන සේවාවන් සැපීමෙන් අධික ආදායමක් උපයාගන්නට සමාගමට හැකිවනු ඇත. එහිදී දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දුම්රිය එම සමාගමට හිමි දුම්රිය මාර්ග පද්ධතිය භාවිත කරන්නේ නම් ඒ සදහා සමාගමට ගෙවීම් කළ යුතු වේ. දුම්රිය දෙපාර්තමේන්තු මාර්ග පද්ධතිය භාවිත කරන අවස්ථාවල සමාගම විසින්ද දුම්රිය දෙපාර්තමේන්තුවට ගෙවීම් කළ යුතු වේ. හම්බන්කොට දිස්ත්‍රික්කයේ දුම්රිය මගීන් සදහා ගාස්තු අයකරන සේවා සැපයීමෙන් සහ විහේසයෙන් ආහාර පාන සදහා ආපන ශාලා ඇති කිරීමෙන්ද අමතර අධික ආදායමක් උපයා න්නට සමාගමට හැකි වේ.

බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනය විසින් ඉදිකළ දුම්රිය මාර්ග පද්ධතිය වරින්වර සුලු පිළිසකර කිරීම් කළද දිගින් අඩු කරමින් සේවය කප්පාදු කිරීමක් මිස සංවර්දනය කිරීමක් කරන්නට 1948 සිට මෙරට නිදහස් කරග්තාය කියන පාලක පැලැන්තියට හැකි වී නැත. කෙසේ වෙතත් පළමුවරට මාතර සිට කතරගම දක්වා දුම්රිය සේවය දිගු කරන්නට පාලකයන් ගෙනා සැලැසුම දුම්රිය දෙපාර්තමේන්තුව පවතින මන්දගාමී තත්වය වෙනස් කිරීමේ ආයෝජනයක් බවට පත් කළ හැකි වේ යැයි අපේක්ෂා කෙරිණි. මේ වනවිට හම්බන්තොට දුම්රිය පද්ධතියම වසර 40කට විකුණා දමන්නට ආණ්ඩුව තීරණය කිරිම නිසා එම අපේක්ෂාව ද බිදවැටී ඇත.