தமிழ்
English
Contact
Friday 18th September 2020    
ඇඟළුම් ක්ෂේත්‍රයේ රැකියා අවදානමක් - ඒ්කාබද්ධ ඇඟළුම් සංගම් සංසදය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඇඟළුම් ක්ෂේත්‍රයේ රැකියා අවදානමක් – ඒ්කාබද්ධ ඇඟළුම් සංගම් සංසදය



කොරෝනා වසංගතය හේතුවෙන් ඇතිව තිබෙන අර්බුදකාරී පසුබිම තුළ ඇඟළුම් කර්මාන්තයේ ලක්ෂයක පමණ සේවක සංඛ්‍යාවකගේ රැකියා පිළිබඳ අවදානමක් මතුව ඇතැයි ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය පවසයි.

ඒම සංගමයේ මහලේකම් ටියුලි කුරේ’ අද දෙරණ’ රූපවාහිනියේ Big Focus වැඩසටහනට අදහස් දක්වමින් ඔහු මේ සම්බන්ධයෙන් කරුනු දැක්වීය.

ඔහු ප්‍රකාශකර ඇති ආකාරයට මාර්තු මාසයේ දත්ත අනුව, මිලියන 202 ක පාඩුවක් ඇඟළුම් ක්ෂේත්‍රයට සිදව තිබේ. ඒය 2019 මාර්තු මාසය සමඟ සසඳා බැලුවිිිට 50%කට වැඩි පාඩුවක් බව පවසන ටියුලි කුරේ, මාර්තු මාසයේ අතරමග කර්මාන්ත කටයුතු නවතා දැමූ බැවින් ඉතිරි කාලයේ ඇඳිරි නීතිය යටතේ ඊටත් වඩා පාඩුවක් සිදුව ඇති බව පෙන්වා දුන්නේය.

ඇඟළුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා අවදානම සම්බන්ධයෙන් ‘අද දෙරණ’ මාධ්‍යවේදියා විමසූ පැනයට පිළිතුරු දෙමින්, ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදයේ මහලේකම්වවරයා මෙසේ පවසා ඇත.

“අපි කවුරුත් දන්නා පරිදි මුළු මහත් ලෝකයම මේ තර්ජනයට මුහුණ දීම නිසා, සාමාන්‍ය මිනිස්සු ෂොපිං මෝල් එකකට ගිහිං ඇඳුම් ගන්නේ නැහැ. රටවල් ලොක්ඩවුන් කරලා තියෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන් පැෂන් හවුසස්, රිටේල් ෂොප්ස් අරින්නේ නැහැ. මේ අවස්ථාවේ දී ගැණුම්කරුවන්ට භාණ්ඩ විකුණා ගැනීමට බැරි නිසා මුළු ලෝකෙටම මේ අවපාතය බලපානවා.  එම නිසා අනිවාර්යයෙන් නිෂ්පාදන ධාරිතාවය නිසි සේ පවත්වා ගැනීමට බැරි නිසා රැකියා ප්‍රශ්නය දරුණු ලෙස බලපාන්න පුළුවන්. අපි ඇස්තමේන්තු කරලා තියෙනවා, විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ අංශය දිහා බැලුවොත් අපේ රට තුළ ලක්ෂයක පමණ සේවක සංඛ්‍යාවකගේ රැකියා පිළිබඳ අවිනිශ්චිතතාවයක් ඇති වෙලා තියෙනවා. අපි දැනට රජයත් සමඟ සාකච්ඡා කරගෙන යනවා, කොහොමද මේක අපි විසඳා ගන්නේ කියලා.“