தமிழ்
English
Contact
Wednesday 12th August 2020    
කොරෝනා පිටින් රජයේ සේවකයන්ගෙ වැටුප් කොල්ලකෑමේ උත්සාහයක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කොරෝනා පිටින් රජයේ සේවකයන්ගෙ වැටුප් කොල්ලකෑමේ උත්සාහයක්!



ආණ්ඩුවේ වියදම් පියවා ගැනීමට පීඩනය ජනතාව වෙත පැටවීමේ පියවරයන් සාධාරණිකකරණය කරමින් වැටුපෙන් බාගයක් කැපකරන රජයේ සේවකයන්ට නිවේදනයක් නිකුත්කර ඇත.

ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර සමස්ථ රාජ්‍ය සේවකයන්ගෙන් කරන පෞද්ගලික ඉල්ලීමක් ස්වරූපයෙන් මෙය ජනමාධ්‍ය වෙත ඉදිරිපත්කර ඇත. ඒහෙත් ඇත්ත වශයෙන්ම මෙය ජනාධිපති ලේකම් පරිපාලන ව්‍යුහයේ ප්‍රධානතම පරිපාලන නිලධාරියා වශයෙන් රාජ්‍ය සේවකයන්ට කරන නියෝගයක් බව පැහැදිලි වේ.

රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා සඳහා මාසිකව රුපියල් බිලියන 100කට ආසන්න මුදලක් වැයකරන බව පවසමින්, එක් මසක වැටුප තමන්ට නොගෙන එම මුදල වැන්දඹු අනත්දරු ගෙවීම් සඳහා යොදවයි නම් ඒය රාජ්‍ය අරමුදල් ශක්තිමත් කිරීමක් බව පි.බී. ජයසුන්දර පවසයි. ඒ් අනුව, කියා ඇත්තේ ඒවැනි පියවරකින් මැයි මාසයේ වියදම අඩුවන බැවින් රජයේ ආදායම වැඩි වීමෙන් අයවැය හිඟය අඩුකර ගත හැකි බවය.

රජයේ සේවකයන්ගේ ආයතන ප්‍රධානින් ලෙස සියලු අමාත්‍යාංශ ලේකම්වරු, පළාත් සභා ලෙක්ම්වරු හා පළාත් ලේකම්වරු මෙන්ම දිස්ති‍්‍රක් හා ප‍්‍රාදේශීය ලේකම්වරු ඇතුලු සියලු රාජ්‍ය නිලධාරීන් වෙත මෙම නිවේදනය නිකුත් කරන්නට ජනාධිපති ලේකම්වරයා කටයුතු කර තිබේ.

පසුගියදා ඇමති මණ්ඩලයේ වැටුප් කොරෝනා අරමුදලට පරිත්‍යාග කරන බව පවසමින් මෙම පියවර ගැනීමට පසුබිමක් සකස් කිරීමටද ආණ්ඩුව කටයුතුකරන ලදී. ජනාධිපතිවරයාට, අගමැතිවරයාට, ඇමතිවරුන්ට, මන්ත්‍රිවරුන්ට ආදි වශයෙන් ඉහළ වැටුප්, දීමනා සහ සියලු වරප්‍රසාද ලබන සුලුතරයක් මාසික වැටුප පමණක් කැපකරන බව පවසමින් ඒදිනෙදා යැපෙන්නටවත් නොහැකි වැටුපක් ලබන සාමාන්‍ය රාජ්‍ය සේවකයාගේ වැටුප කොල්ලකෑමට දරන උත්සාහයක් ලෙස මෙම පියවර දෝෂදර්ශනයට ලක්ව තිබේ. නිවාස ණය ඇතුළු විවිධ ආකාරයේ ණය පිටින් ජීවිත ගැටගසාගන්න රාජ්‍ය සේවකයන් කොරෝනාා වසංගතයෙන්ද පීඩා විඳිමින් සිටින අතර, මෙවැනි නිවේදන නිකුත් කිරීම පිළිබඳ ආණ්ඩුව ලජ්ජා විය යුතු බව මේ සම්බන්ධ අදහස් පළ කළ ඇතැම් රජයේ සේවකයන්ගේ මතය විය.