தமிழ்
English
Contact
Thursday 21st March 2019    
5 පන්තියට ගුරුවරු නොමැති නිසා දඹුල්ල මාතලේ පාර වසා දමයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

5 පන්තියට ගුරුවරු නොමැති නිසා දඹුල්ල මාතලේ පාර වසා දමයි!



දඹුල්ල, පන්නම්පිටිය මලියදේව ප්‍රාථමික විදුහලේ  පස්වැනි ශ්‍රේණියේ ඉගැන්වීම සඳහා මාස ගණනක සිට ගුරුවරයකු නොමැති තත්වය සිසු සිසුවියෝ සහ මව්පියෝ අද(08) දින උදෑසන දඹුල්ල මාතලේ  ප්‍රධාන මාර්ගය හරස්කොට විරෝධතාවයක නිරත වූහ.

ගලේවෙල කලාපයට අයත් දඹුල්ල පනම්පිටිය ශ්‍රී මලියදේව ප්‍රාථමික විද්‍යාලයේ සිසු දරු දැරියන් සහ දෙමව්පියන් විරෝධතා බැනර් පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් හඩ නගමින් ගසමින් සටන්පාඨ කියමින් ප්‍රධාන මාර්ගය හරස් කොට මෙසේ ගුරුවරයකු  ඉල්ලා විරෝධතාවයේ නිරත වුවද වීනාඩි 40 ක පමණ කාලයක් යනතුරු කිසිදු අධ්‍යාපන බලධාරියෙකු එම ස්ථානයට නොපැමිණි අතර පොලීසිය ඔවුන් මාර්ගයෙන් ඉවත් කිරීම සඳහා දැඩි උත්සාහයක නිරත වූ බව අප වාර්තාකරු පවසයි. එහෙත් කුඩා සිසු දරු දැරියන් සහ දෙමව්පියන් ඊට එකඟ නොවෙමින් කියා සිටියේ තම විද්‍යාලයේ පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා ඉගැන්වීම් කටයුතු සිදු කරමින් සිටි ගුරුවරයා මීට මාස එකහමාරකට පමණ ඉහත දී ස්ථාන මාරු කොට ඊට ගුරුවරයකු ලබා නොදුන් බවය.

පසුව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා එම ස්ථානයට පැමිණ දෙමාපියන් සහ කුඩා දරුවන් සමග සාකච්ඡාකොට  ගලේවෙල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා නයෝමි  හෙට්ටිආරච්චි මහත්මිය දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගෙන  ඇය සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ලබන සදුදා දිනය වන විට ස්ථානමාරු ගිය ගුරුවරයා එම පාසලට ලබාදීමට කැමැත්ත පළ  කළේය. පැයකට අධික කාලයක් ප්‍රධාන මාර්ගය වසා සිටී සිසු සිසුවියන් සහ දෙමව්පියන් ප්‍රධාන මාර්ගයෙන් ඉවත්ව වාහන ගමනාගමනයට ඉඩ හසර ලබා දීම සිදු කෙරිණි.