Posted on 02.01.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව පාසල්වලට සිසුන් ඇතුළත් කරගැනීම තවත් මසකින් කල් දමන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පවසයි.
2020 වසරේ කොරෝනා වසංගතය මධ්‍යයේ පීඩා මැද ශිෂ්‍යත්ව විභාගය ලියු 5 වැනි ශ්‍රේණියේ දරු දැරියන්ට ජනප්‍රිය පාසල්වල ලකුණු මට්ටම් ඉතා ඉහළ මට්ටමකින් තීරණයකර ඇත. මේ තත්වය යටතේ ශිෂයත්ව විභාග සමත් වුවද පහසුකම් සහිත පාසලක අධයාපනය ලබාගැනීමට ශිෂ්‍යත්ව සමත් දරු දැරියන්ට මහත් පීඩාවකට පත්ව තිබේ.
ජනප්‍රිය පාසල් ක්‍රමයක් පවත්වාගෙන යමින් වැඩි වරප්‍රසාද සහිත පාසල් පද්ධතියක් ආණ්ඩුව විනිස් දැනුවත්ව මෙම ගැටලුවට පාසල් දරුවන් ගොදුරුකර ඇත. ප්‍රාදේශීය පාසල්වල මෙන්ම නාගරිකව ඇතැම් පාසල්වලට කෙනෙහිලිකම් සිදුවන අතර පාසල්වල භෞ.ික පහසුකම් වෙනුවෙන් ශිෂ්‍ය, ගුරු, මාපිය ඉල්ලීම් කිසිදා සළකා බැලෙන්නේ නැත.
මේ වනවිට පාසල්වල මුදල් අයකිරීමේ ක්රමයද ආණ්ඩුව විසින් නීතිගත කර ඇති අතර පාසල්වල ගොඩනැගිලි ඇතුළු භෞතික පහසුකම් සපුරාලීම පවා වසර 5කට වරක් ඡන්ද ලබාගන්නා මැතිවරණ පොරොන්දු යටතේ සිදු වේ.