தமிழ்
English
Contact
Friday 14th August 2020    
5/2001 චක්‍රලේඛය අහෝසි කරන්නෙ වනාන්තර ඉඩම් සමාගම්වලට බිලිදෙන්න - පුබුදු ජයගොඩ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

5/2001 චක්‍රලේඛය අහෝසි කරන්නෙ වනාන්තර ඉඩම් සමාගම්වලට බිලිදෙන්න – පුබුදු ජයගොඩ



5/2001 චක්‍රලේඛය අහෝසි කිරීම හරහා ආණ්ඩුව සැරසෙමින් සිටින්නේ ලංකාවේ අවශේෂ වනාන්තර අනතුරේ හෙලා එම ඉඩම් බහුජාතික සමාගම්වලට බිලිදීමට බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි. මේ හරහා පරිසර විනාශයට අමතරව ගොවීන්ගේ සහ ධීවරයන්ගේ ජීවනෝපාය අහිමි කිරීමක්ද සිදුවන බව ඔහු පවසයි. පෙරටුගාමී සාමාජවාදී පක්ෂය ඊයේ (03 වනදා) බත්තරමුල්ල එම පක්ෂයේ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී පුබුදු ජයගොඩ මේ බව පැවසීය.

පුබුදු ජයගොඩ වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ,

“ලංකාවේ වනාත්තර පිළිබඳ වැදගත් චක්‍රලේඛයක් වන 5/2001 යන චක්‍රලේඛය අහෝසි කිරීමට කැබිනට් අනුමැතියක් ලබාගෙන තිබෙනවා. එම තීන්දුව අරගෙන තිබෙන්නේ ජූලි 01 වනදා. ලංකාවේ ආරක්ෂිත ලෙස ගැසට් කළ වනාන්තර වර්ග 3ක් තියෙනවා.

  1. සංරක්ෂත වනාන්තර, 2. වනරක්ෂිත 3. ග්‍රාමීය වනාන්තර මීට අමතරව තවත් වනාන්තර ප්‍රමාණයක් තිබෙනවා. ඒවා වන සංරක්ෂිත අඥාපනතේ 20 වන වගන්තිය යටතේ නියම කළ අවශේෂ වනාත්තර ලෙස හැඳීන්වෙනවා. මේවා නම් කරලා තියෙන්නේ වැව් ආසන්නයේ තිබෙන වැව් රක්ෂිත ලෙස. වැව්වල ජලපෝෂක ප්‍රදේශත් එක්ක සම්බන්ධ රක්ෂිත ලෙස සමහර එවා නම් කරලා තියෙනවා. ලංකවේ අලි ඇතුන් සහ කොටි වාසය කරන වාස භූමි තියෙන්නේ රක්ෂිතය ඇතුලේ විතරක් නෙවෙයි. වෙනත් වනාන්තරවලත් ඒ සතුන් සිටිනවා. රක්ෂිත වනාන්තර තිබෙනවා.

කලින් මේ වනාන්තර තිබුණේ දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ බලතල යටතේ. එතනදි මේ වන්තරවලට හානිවෙනවා. බලපත්‍ර යටතේ මේ ඉඩම්වලට හානි පැමිණෙනවා. ඉඩම් නිකුත් කරනවා. ඒ නිසා ජලපෝෂක විනාශ වෙලා වැව් සිදියනවා. අනිත් පැත්තේ අලි ඇතුන්ගේ සහ කොටින්ගේ වාස භූමි අහිමි වෙනවා. ඒ නිසා මිනිස් – අලි ගැටම් ඇති කර ගන්නවා. ලංකාවට අවේනික කොටින් පසුගිය කලේ මද්දවල්වලට අහුවෙලා මිය යනවා දැක්කා. ඉතාම දුර්ලභ ‘බ්ලැක් පැන්තර්’ අවසාන කොටියත් විනාශ වුණා කියලා තමයි දැන් නිවේදනය කරලා තියෙන්නේ. මේකට ප්‍රධාන හේතුක් වෙන්නේ අවශේෂ කැලෑ විනාශ වීම. ඒ නිසා තමයි වන සංරෂිත දෙපාර්තමේන්තුවේ ලේකම්වරයාව සිටි එන්. පද්මනාදන් මහතාගේ අත්සනින් 5/2001 කියාන චක්ක්‍ර ලේඛය නිකුත් කළා. ඒ නිසා තමයි මහා පරිමාණ සමාගම්වලට ඉදිකිරීම් කරන්න තිබුණ වානිජ බෝග වගා කරන්න තිබුණ ඉඩ අහෝසි කළා.

මේ චක්‍රලේකය අහෝසි කිරීමේ ලියවිලි සකස් කරමින් සිටියේ කාලයට කලින්. ඒ අදාළ නිල ලේඛනවල අවසන් කරලා තිබුනේ. එහෙම තියෙද්දි තමයි හදිසියේ කැබිනට් අනුමැතිය ගත්තා කියාල කියන්නේ. සාමාන්‍ය ක්‍රමය තියෙන්නේ මුලින් කැබිනට් අනුමැතිය දෙන්න ඕන.
ඊට පස්සේ තමයි ලේඛන හදන්න ඕන. මේකදි වුණේ අනිත් පැත්තට මුලින් ලේඛන හැදුවා. අපි දන්න විදිහට බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා තමයි මේකට මැදිහත් වෙලා තිබෙන්නේ. ඔහුගේ මුලිකත්වය සහිතව මේ චක්‍රලේඛය අහෝසි කිරීමේ ක්‍රියාලියක් යනවා. ලංකවේ පනත් තුනකින් ආරක්ෂා කළ වනාන්තර තියෙනවා. 1වනරක්ෂණ ආඥාපනත 2. වනරක්ෂණ හා වෘක්ෂලතා පනත 3. ජාතික උරුම වන භූමි පනත. මේ පනත් තුන යටතේ ලංකවේ රක්ෂිත නම් කරලා තියෙනවා. මේ පනත් තුනෙන් රක්ෂිත වනාන්තරවලින් සියට 65 ආවරණය වෙන්නේ. රක්ෂිත ලෙස ආවරණය නොවන වනාන්තර සියට 35ක් තියෙනවා. මේකේන් සියයට 30ක් ආවරණය වෙලා තියෙන්නේ 5/2001 චක්‍රලේඛයෙන්. ලංකාවේ තියෙන සමස්ත කඩොලාන පද්ධතියෙන් සියයට 25යි රක්ෂිත ලෙස ආවරණය වෙලා තියෙන්නේ. මහා පරිමාන ප්‍රාග්ධන ව්‍යාපෘතිවෙනුවෙන් මේ වනාන්තර විනාශ කර දැමීමේ උවමනාවක් කලින් ආණ්ඩුවත් මේ ආණ්ඩුවටත් තියෙනවා.

ජනාධිපතිවරණයේදී ගෝඨාභය මහත්තයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රමුඛ තැනක් දීලා තිබුණා පරිසරයට. ඔහුගේ ප්‍රධාන පොරොන්දුවක් තමයි වන ගහණය වැඩිකරනවා කියන එක. ලංකාවේ වන්තර ප්‍රමාණයේ සියට 30ක් වන පරිදි අලුතෙන් වනාන්තර පටන් ගන්නවා කියාල තිබුණා. ඒහම කියපු ගෝඨභය මහත්තයා තියෙන චක්‍රලේඛයක් අහෝසි කරන්න යනවා. ඉදිකිරිම් කර්මාන්තය නිසා අධිකව වැලි ගොඩ දැමීම නිසා ගංගා විනාශ වෙනවා. එය වහාම නතර කර මුහුදු වැලි පිරිසිදු කරලා ඉදිකිරීම් කර්මාන්තයට භාවිතා කරනවා කිව්වා. නමුත් බලපත්‍ර නොමැතිව වැලි ප්‍රවාහනයට අවසර දුන්නා. මේ නිසා ගංගා විනාශ වෙලා. ගංගාවලට කරදිය මිශ්‍රවීම නිසා පාණිය ජල ප්‍රශ්න, ගොවිතැන් ප්‍රශ්නය, පරිසර ප්‍රශ්න ඇතිවෙලා තියෙනවා. ඒකම තමයි මේ කැලෑ සම්බන්ධයෙන් කරන්නේ.

මාගම්පුර වරාය ආශ්‍රිතව අක්කර 15,000ක භූමි ප්‍රදේශයක් චීනයට විශේෂ ආර්ථික කලාපයක් ලෙස නම් කරලා දෙන්න මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පොරොන්දු වෙලා ඉඳලා යහපලන ආණ්ඩුව ඒකට අදාළ කරන පිඹරු පත් සකස් කරමින් සිටියා. චීනයට දෙන්න යන ඒ ඉඩම් මේ චක්‍රලේඛයෙන් ආවරණය වෙලා තියෙන්නේ. ඒය අහෝසි නොකර චීනයට කප්පම් දෙන්න බෑ. ඒ නිසා මේ චක්‍රලේඛය අහෝසි කරන්න යනවා. ඒ විතරක් නෙවෙයි බිබිල ප්‍රදේශයේ උක්වගාව සඳහා අක්කර අක්කර හැටදෙදහස් පන්සියක් බහුජාතික සම්ගම්වලට පවරන්න තීරණය කරලා තියෙනවා. හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය ඇතුලේ දැනටමත් විවිධ ඉදිකිරීම් පටන් අරන් තියෙනවා. වැලි, පස් කැපීම්, ගල් කැඩිම් පටන් අරන් තියෙනවා. හම්බන්තොට ඒ ඉඩම් සියල්ලම මේ චක්‍රලේඛයට තමයි අදාල වෙන්නේ. ඒ විතරක් නොවයි දැන් ආණ්ඩුව කියනවා MCC ගිවිසුම අත්සන් කරන්නේ නැහැ කියල. MCC ගිවිසුම යටතේ අමෙරිකා, ජපන්, සිංගප්පුරු සමාගම්වලට දෙන්න කතා කරලා තියෙන මූලික ඉඩම්වල ඒ කියන්නේ MCC ක්‍රියාකාරිත්වය යටතේ ත්‍රිකුණාමලය, අනුරාධපුර, පොළොන්නරු, මාතලේ, ගම්පහ, කොළඹ ලෙස නම් කරලා තියෙන ඉඩම්වල කෑලෑවක් තියෙනවා. ඒ කලෑවලින් සියට හැටක්ම ආවර්ණ වෙන් 5/2001 චක්‍රලේඛයෙන්. MCC නමින් නැතුව ඉඩම් වෙළෙද භාණ්ඩ කරණය කිරීම, කැලෑ ටික වාණිජ බෝග වගා කරන සමාගම් සතු කිරීමේ වුවමනාව වෙන නමකින් එනවා. විදේශ ආයෝජන ගෙන්වන කියමින් මේ වනාන්තර ටික කැප කරන්න යන්නේ.

මේකෙන් ලංකාවේ වන වැස්ම අඩුවෙනවා. අලි, කොටි – මිනිස් ගැටුම් වැඩිවෙනවා. සතුන් මිනිසුන් අතින් මියයාමත් වැඩිවෙනවා. වගාවට ජලය නැතිවෙනවා. ආණ්ඩුව තර්කයක් ලෙස කැබිනට් මණ්ලයේදී සාකච්ඡා කරලා තිබුණා හේන් ගොවියෝ වගා කරනවා, ඔවුන්ට සහය දෙන්න තමයි මේවා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ගලවලා ප්‍රදේශීය ලේකම්වරුන්ට දෙන්නෙ කියලා. එවකට පරිසර අමාත්‍යංශයේ හිටපු ලේකම් ජේ.ආර්. ඩබ්. දිසානායක මහතාගේ අත්සනින් 2/2006 කියාල චක්‍රලේකයක් නිකුත් කලා. ඒ චක්‍රලේඛයෙන් දැනටම ගොවින් විසින් වවනු ලබන කොටස් නැවත ප්‍රදේශීය ලේකම්වරුන්ට පැවරුවා. ඒ නිසා ගොවීන්ට ඉඩම් දෙන්න මේ චක්‍රලේඛය අහෝසි කරන්න ඕන නැහැ. අවුරුදු 14ක් ගොවින් වැව්වේ කොහොමද? ඇත්තම වෙලා තියෙන්නේ ගොවින් වගා කරමින් සිටිය අක්කර හැට හතර දහසක් ගොවීන්ගෙන් පැහැරගෙන ඒක ඩොල් සමාගමට ලබා දුන්නා. ඒ අවස්ථාවේ ඒ ඉඩම් තිබුනේ ප්‍රාදේශීය ලේකම්වරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් යටතේ. ලංකාවේ සමාගමක් හදලා ඒක තැරව්කාර සමාගමක් කියලා ගොවියෝ ඒකට සම්බන්ධ කළා. ඩොල් සමාගම ඇවිල්ලා තැරව්කාර ලාංකීය සමගමක් සමග ගිවිසුමක් අත්සන් කළා. ගොවියො දැන් ඒ සමාගමේ කුලීකාරයො ලෙස වැඩ කරනවා. දැන් කරන්න හදන්නෙ ඉතිරි ඉඩම් ටිකටත් මේකම කරන්න. බන්දුල ගුවර්ධන අමාත්‍යවරය ප්‍රකාශ කරලා තිබුණා පරිසරවේදියෝ විරුද්ධ වෙන්නේ ගොවියෝ හේන් කරනාවට කියලා තිබුණා. කෘෂි කාර්මාන්ත ආකෘතිවලින් පරිසරවේදීයෝ එකඟ ආකෘතිය තමයි හේන් ගොවිතැන. හේන් කියෙන්නේ කැලෑ කැපිල්ලක් නෙවෙයි. හේන් හදන්නේ කැලෑ මැද. කැලැවේ ගස් කැපෙන්නේ කැලෑව මැදින්. මේ කරන්න හදන දෙයින් කැලෑව කොනක සිට කපාගෙන යනවා. එතකොට කැලෑව පුංචි වෙනවා. විශාල සත්තුන්ට කැලෑවේ ඉන්න බැරිවෙනවා. එතකොට අලියා ගම් වදිනාවා. ඒ අලියෝ මිනිසු මරනවා. හේන් වගාවේදි එක කන්නයක් වගා කරනවා. අනිත් කන්නයේ අතහරිනවා. අතහැරිය කොටස්වල අලින් සැරිසරනවා. අනිත් එක තමයි හේන් කියෙන්නේ ජෛව විවිධත්වය ආරක්ෂා කරනාවා. මේ චක්‍රලේඛය අහෝසීවීමත් එක්ක කඩොලාන විනාශ වෙනවා. ඒක සුළු පන්න ධීවරයන්ට ප්‍රශ්නයක් උදාකරනාවා. මේ හදන්නේ පරිසරයත් විනාශ කරලා, ගොවියා සහ ධීවරයාත් විනාශ කරලා ජනතාවගේ ජීවිතත් විනාශ කරලා ප්‍රාග්ධනයට, බහුජාතික සමාගම්වලට ලංකාවේ ඉඩම් ටික අත්පත්කරලා දෙන්න. ජනාධිපතිවරණ කාලෙ විල්පත්තුව රැකගැනීම ප්‍රධාන සටන් පාඨයක් වුණා. දැන් විල්පත්තුව විතරක් නෙමේ අවශේෂ වනාන්තර සියල්ල විනාශ කරන්න හදනවා. විල්පත්තුව වෙනුවෙන් කෑ ගහපු කට්ටිය කෝ. ලංකාවේ ඉඩම් ටික බහුජාතික සමාගම්වලට බිලිදෙන්න හදන මේ ප්‍රශ්නය මැතිවරණයේ ප්‍රශ්නයක් ලෙස ගන්න. මැතිවරණ වෙනමයි, මේ ප්‍රශ්න වෙනමයි තියෙනවා නෙවෙයි. මේ ප්‍රශ්න මේ විදිහටම තියෙද්දි මේ පක්ෂවලට ඡන්දය දෙනවම් මේ විනාශටත් වග කියන්න වෙනවා.”