தமிழ்
English
Contact
Wednesday 25th November 2020    
5000 බෙදීමේ ගැටලු නිසා පුත්තලම සමෘද්ධි නිලධාරීන් සේවයෙන් ඉවත් වෙයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

5000 බෙදීමේ ගැටලු නිසා පුත්තලම සමෘද්ධි නිලධාරීන් සේවයෙන් ඉවත් වෙයි



පුත්තලම දිස්ත්‍රික්කයේ සේවය කරන සියළුම සමෘද්ධි නිලධාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදි සේවා කටයුතු වලින් ඉවත් වීමට තීරණය කර ඇති බව පුත්තලම දිස්ත්‍රික් සමෘද්ධි නිලධාරීන්ගේ සංගමයේ ලේකම් තුෂාර ලෝව් සදහන් කර තිබේ.

පසුගිය 22 වැනිදා සිට මේ වන විට ස්ථාන 04 කදී සමෘද්ධි නිලධාරීන්ට පහර දීම් සිදුවී ඇති බව වාර්තා වේ.

ආණමඩුව – මහකුඹුක්කඩවල ප්‍රදේශයේ දී සමෘද්ධි නිලධාරීන් දෙදෙනෙකුටද,මාදම්පේ – කුඩාබිංගිරිය ප්‍රදේශයේදී සමෘද්ධි නිලධාරීණියකටද, දංකොටුව – කොස්වත්ත ප්‍රදේශයේදී සමෘද්ධි නිලධාරියකුටද පහර දීම් සිදු කර ඇත.

මෙම පරහ දීමේ සිද්ධීන් සම්බන්ධයෙන් ඒ ඒ ප්‍රදේශ වල පොලීසිය වලට පැමිණිළි කිරීමටද සමෘද්ධි නිලධාරීන් කටයුතු කර ඇත.

මේ අතර,හලාවත – වෙරළබඩ කලාපයේ සමෘද්ධි නිලධාරීණිය රුපියල් 5000 ක් වෙනුවට රුපියල් 3000 ක මුදලක් ජනතාව අතර බෙදා දෙන බවට වූ අසත්‍ය ප්‍රචාරයක් එම ප්‍රදේශයේ අයෙකු විසින් සමජ ජලා මාධ්‍යයක පළ කර ඇත.

ඒ සම්බන්ධයෙන් පැමිණිළි ලැබීමෙන් අනතුරව ඔහුව අත්අඩංගුවට ගැනීමට හලාවත පොලීසිය කටයුතු කර ඇත.