தமிழ்
English
Contact
Friday 20th July 2018    
සංචාරක ‌සේවා රැකියා සදහා පාසල් දරුවන් පුහුණු කිරීමට ‌ඩොලර් මිලියන 50ක ණයක් ගනී ‌ ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සංචාරක ‌සේවා රැකියා සදහා පාසල් දරුවන් පුහුණු කිරීමට ‌ඩොලර් මිලියන 50ක ණයක් ගනී ‌ !



ලංකාවේ උසස් අධ්‍යාපනයට ‌යොමුවන දරුවන් ඒයින් ඈත්කර සංචාරක ‌සේවා රැකියා සදහා වෘත්තික වැඩසටහන් කරා ඇද ගැනීමට ආණ්ඩුව විසින් ඔපෙක් ‌හෙවත් තෙල් නිෂ්පාදක රටවල සහයෝගිතා සංවිධානය සමග ණය ගිවිසුමක් අත්සන්කර ඇත.
ඩොලර් මිලියන 60.7ක් ණය ව්‍යාපෘතියක පියවරක් ‌ලෙස ‌මේ සදහා ආණ්ඩුවේ දායකත්වය
ඩොලර් මිලියන 1.7ක්වන අතර ඔපෙක් රටවලට අනුබද්ධ ජාත්‍යන්තර සංවර්ධන අරමුදලින් ‌දෙන ණය මුදල ඩොලර් මිලියන 50කි. ඒහෙත් ‌මෙම ණය සම්බන්ධයෙන් ආණ්ඩුව ප්‍රකාශ කර ඇත්තේ ‌‌මෙය අධ්‍යාපනය ‌වෙනුවෙන් ලබාගන්නා ආධාරයක් බවය. ‌මෙරට ජනමාධ්‍ය ‌වෙත කරුනු දක්වමින් අධ්‍යාපන ඇමතිවරයා ඇතුළු නිලධාරින් පවසන්නේ ‌මෙය 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන’ සදහා ලබාගත් ‘ආධාරයක්’ බවයි. නමුත් ඔපෙක් රටවල ජනමාධ්‍ය විසින් ඒය වාර්තා කර ඇත්තේ ලංකාවේ තාක්ෂණික අධ්‍යාපන වැඩසටහන් සදහා අත්සන් කළ ණය ගිවිසුමක ප්‍රතිපල ‌ලෙස ලබාදුන් ණයක් බවයි. බැලු බැල්මට අධ්‍යාපන කටයුතු සදහා ‌දෙන මුදලත් ‌ලෙස ප්‍රකාශ වුවද ‌ෙමෙය ආණ්ඩුව විසින් සැලසුම් කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියකි. ඒහිදී ’13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය’ ‌ලෙස ආකර්ෂණිය නමක් දුන්නද සිදුවන්නේ ‘අපොස සාමාන්‍ය ‌පෙළ’ මට්ටමේදී උසස් ‌පෙළ අධ්‍යාපනය ලබන්නට අපේක්ෂාවෙන් සිටින දරුවන් වෘත්තිය අධ්‍යාපනයකට නැඹුරු කිරීමය. ඒ් වෘත්තිය අධ්‍යාපනය යනු සංචාරකයන්ට සත්කාර කිරීම, ‌ෙකොණ්ඩා ‌මෝස්තර දැමීම සම්බාහනය වැනි ‌සේවා සදහා පාසල් අවධියේම දරුවන් මාරු කිරීමකි. ඒහිදී වත්මන් උසස් ‌පෙළ අධයාපනයේදී සිදුවන ශාස්ත්‍රිය අධ්‍යාපන කටයුතු ‌වෙනුවට ඒවැනි වෘත්තික ධාරවන් සදහා විෂයන් 26ක් යටතේ දරුවන් ‌ෙයොමුකරනු ලබවයි. ‌මේ වනවිට අධ්‍යාපනයේ උසස් ප්‍රතිපලයක් ‌ෙලෙස ‘උසස් ‌පෙළ’ ශාස්ත්‍රිය වශයෙන් වැදගත්වන වෘත්තික අධ්‍යාපනයට අත්‍යවශ්‍ය පදනමක් වන විෂයයන් ‌ෙවෙනුවට පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ‌සේවා කම්කරුවන් ‌ලෙස යාන්ත්‍රික මට්ටමකට ඇද දැමීම ‌මෙහි විශාල ගැටලුවක් ‌ෙලෙස අධ්‍යාපනවේදින් ‌පෙන්වා ‌ෙදෙයි.
අධ්‍යාපන ඇමති ඇතුළු ආණ්ඩුව ‘තාක්ෂනික අධ්‍යාපනය’ යන වචනයට මුවා වී මව්පියන් හා සමාජයටම වැරදි චිත්‍රයක් ‌පෙන්වමින් සිදු කරන්නේ ‌මෙරට සාපෙළ සමත් දරුවන් විශාල ‌කොටසක් පවතින සාපේක්ෂ වශයෙන් ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත උසස් ‌පෙළ අධ්‍යාපන‌යෙන් ඉවත් කිරීමය. ඒ් අනුව වත්මන් පාලකයන් ‌මෙවැනි විදේශ ණය පවා ‌ගෙන ඒමින් සිදුකරන්නේ 1977 සිට දිගටම ‌ගෙන ආ සහ චන්ද්‍රිකා ආණ්ඩුව ‌මෙන්ම රාජපක්ෂ ආණ්ඩුව විසින්ද විරෝධතා මැද අකුලා ගත් අධ්‍යාපන කප්පාදුවමය.