Posted on 02.13.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
රටේ නම භාවිතා කිරීම සම්බන්ධ නව යෝජනාවක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යෝජනා කර ඇති බව ‘පිවිතුරු හෙළ උරුමය’ නායක උදය ම්මන්පිල පවසයි.
පසුගිය දිනවල නිදහස් දින උළෙල ආසන්නයේ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න පවසා තිබුණේ ‘ජාතික කොඩියේ සිංහයා සංකේතයේ වෙනස්කම් සිදුකරන්නට අපේක්ෂා කරන බවය. මේ වනවිට ආණ්ඩුවේ පාර්ශ්වකරුවකු ෙලෙස උදය ගම්මන්පිල පවසන්නේ කොඩිය නොව, රටේ නම පවා ශ්‍රි ලංකා ජනරජය” ලෙස වෙනස් විය යුතු බවය.
රටේ ඇති ගැටලු විසඳාගැනීම තිබියදී ආණ්ඩුවට වසරක පාලන කාලය තුළ ගිලිහී ගිය දේශපාලන ප්‍රතිරූපය නැවත උදුරාගැනීමේ අරමුණක් ඇත. මේ වනවිට, ආණ්ඩුව මෙන්ම ජනාධිපතිවරයාද සියලු පාර්ශ්ව වලින් අසාර්ථක පාලනයක් ලෙස පසුගිය වසරක කාලය සටහන්ව ඇත. මේ තත්වය යටතේ ආණ්ඩුවට විවේචනාත්මක දේශපාලන අදහස් පළ කිරීම අවදානමක් ගෙන සිදු කළ යුතුව ඇත.
නිදහස නොමැති රටක ජනතාවට කොඩියේ අඩුපාඩු හෝ රටේ නම පිළිබඳ ප්‍රශ්න නොව, ජීවත්වීමේ දෛනික ප්රශ්නකඳු ගැසී ඇත. ඒ තත්වය නිසා ආණ්ඩුව විවිධ ගැටලු නිර්මාණය කරමින් ජනතාවට සමීප නැති තීරණ ක්‍රියාත්මක කිරීමෙන්ද නැවතවරක් අසාර්ථක භාවය අනාවරණය වේ.