தமிழ்
English
Contact
Tuesday 30th November 2021    
60ට වැඩි පුද්ගලයන්ට කොවිඩ් එන්නතේ තුන්වන මාත්‍රාව ලබාදීම හෙට සිට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

60ට වැඩි පුද්ගලයන්ට කොවිඩ් එන්නතේ තුන්වන මාත්‍රාව ලබාදීම හෙට සිට



මෙරට වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට කොරෝනා මර්දන එන්නතේ තුන්වෙනි මාත්‍රාව ලබාදීම හෙට (17) සිට ආරම්භකරන බව වාර්තා වෙයි.

අනුරාධපුර, අම්පාර දිස්ත්‍රික්ක මෙන්ම බස්නාහිර සහ දකුණු පළාත්වල අවුරුදු 60ට වැඩි අයට පළමුව තුන්වෙනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි

පළමු සහ දෙවැනි මාත්‍රාව ලෙස කුමන එන්නත් වර්ගයක් ගත්ත ද තෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදෙන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

දෙවැනි මාත්‍රාව ලබා ගෙන මාස තුන සම්පූර්ණ කර ඇති අය එම මාත්‍රාව ලැබීමට සුදුසුකම් ලබන බව ඔහු පැවසීය.