தமிழ்
English
Contact
Wednesday 20th October 2021    
60ට වැඩි පුද්ගලයන්ට බූස්ටර් එන්නතක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

60ට වැඩි පුද්ගලයන්ට බූස්ටර් එන්නතක්



ක්ෂේත්‍ර 05 ක පුද්ගලයන් සඳහා බූස්ටර් මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීමට සෞඛ්‍ය බළධාරීන් අද තීරණය කර තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මේ බව නිවේදනය කරයි.

ඒ අනුව,

ඇස්ට්‍රාසෙනිකා හෝ සයිනෝෆාම් එන්නත පළමු සහ දෙවන මාත්‍රාව ලෙස ලබා ගත් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට
නිධන්ගත රෝගවලින් පෙළෙනු ලබන වයස අවුරුදු 30-60 ත් අතර පසුවන පුද්ගලයින්ට
වකුගඩු සහ පිළිකා රෝගයෙන් පෙළෙන පුද්ගලයින්ට
සෞඛ්‍ය සේවකයින්ට
ඉදිරිපෙළ සේවා කටයුතුවල නියැලෙන පුද්ගලයින්ට

මෙලෙස ෆයිසර් එන්නත් මාත්‍රාව තෙවන මාත්‍රාව ලබා දීමට තීරණය කර තිබේ.