தமிழ்
English
Contact
Tuesday 25th June 2019    
644,000 වටිනා පුටු ගන්න කිව්වේ නැහැ - ඉසුර | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

644,000 වටිනා පුටු ගන්න කිව්වේ නැහැ – ඉසුර



බස්නාහිර පළාත් සභාවට රුපියල් ලක්ෂ හයහමාර බැගින් වටිනා පුටු 144ක් ගෙන්වීම වාහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කර ඇති බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර අද(13) පැවති මාධ්‍ය හමුවකදී පවසා තිබුණි.

මේ අතර ඊයේ (12දා) පැවැති මාධ්‍යය හමුවකදී අදහස් දක්වමින්, රුපියල් 644,000ක් වටිනා පුටුවක් මිලදී ගැනීමට තමන්ට අවශ්‍ය නොවන බවත් එවැනි වටිනා පුටුවක් මිලදී ගන්නා ලෙස තමන් ඉල්ලා සිටීමක් සිදු නොකළ බව බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය පවසා තිබුණි. තමන් පුටුවේ වටිනාකම දැනගත්තේ මාධ්‍ය හරහා බවත් ඔහු මාධ්‍යට අදහස් දක්වමින් පවසා තිබේ.

එසේම සභා කටයුතු කාරක සභාව පුටුවක වටිනාකම නොදැන සිටි බවත්, එම කාරක සභාව පාර්ලිමේන්තුවට ගොස් පරීක්‍ෂා කර බලා පාර්ලිමේන්තුවට සමාන පුටුවක් මිලදී ගන්නා ලෙස දැනුම්දීම එකම වැරැද්ද වූ බවත් ඔහු මෙහිදී ප්‍රකාශ කර ඇත.

නව ගොඩනැගිල්ලට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට තිබෙන අතර, අලුත් සභා ශාලාවකට දොර ජනෙල් සවි කිරීම සාමාන්‍ය දෙයක් බවත්, නව ගොඩනැගිල්ලේ සභාගර්භයේ දොර සඳහා කෝටි 1, ½ක් වැයවී නොමැති බවත් මහ ඇමතිවරයා පැවසිය.

නමුත් මෙම චෝදනාව එල්ල වූ පළමු මොහොතේ ඒ සම්බන්ධ මාධ්‍ය වෙත ප්‍රතිචාර දක්වමින් බස්නාහිර පලාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා සඳහන් කර සිටියේ එක් පුටුවක් රුපියල් 650,000 නොව රුපියල් 640,000ක් වන බවත් පුටු 125ක් ඇනවුම්කර ඇති බවත්ය.

එසේම ප්‍රසිද්ධ උත්සවයකදී පළාත් සභාවේ දොර සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පැවසුවේ පාසල් දරුවන්ට ඉතිහාසය පිළිබඳ අධ්‍යනයක් කිරීමට හැකි තැනක් නිර්මාණය කිරීමට අවශ්‍ය වූ බවත් ඒ අනුව පළාත් සභාව ඊට හොඳම ස්ථානය ලෙස තමන් සිතූ නිසා එය නිර්මාණය කිරීමට සැලසුම් කළ බවයි.