தமிழ்
English
Contact
Saturday 22nd September 2018    
මත්තල ගුවන්‌‌තොටුප‌ළේ අයිති‌යෙන් 70%ක් අවුරුදු 40කට ඉන්දියාවට පවරන්නට සූදානම් ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මත්තල ගුවන්‌‌තොටුප‌ළේ අයිති‌යෙන් 70%ක් අවුරුදු 40කට ඉන්දියාවට පවරන්නට සූදානම් !



දැනට අක්‍රිය තත්වයේ ඇති මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ පවත්වාගෙන යාම පිනිස ඉන්දිය සමාගමක් හා ගුවන් සේවා සමාගම ඒක්ව හවුල් ගිවිසුමකට ඒළඹීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

2015 බලයට පැමිණි ආණ්ඩුව විසින් වසාදැමීමට නියමිත වූ මෙම ගුවන්තොටුපළ සදහා ආයෝජනය කිරීමට කැමැත්ත පළ කරන ලෙස ජාත්‍යන්තර ගැනුම්කරුවන්ට නිවේදනය කෙරුණේ 2016දීය. ගුවන් සේවා කිහිපයක් ඒහි ගමන්වාර පවත්වා ගෙන ගියද මේ වනවිට ඒම ගුවන්තොටුපළ ක්‍රියාකාරිත්වය විසින් සමස්ත වශයෙන් රුපියල් බිලියන 20ක පාඩු ලබා ඇත. පසුගිය මාසයේ අවසන් ගුවන්සේවය ලෙස ‘ෆ්ලයි ඩුබායි'(FlyDubai) මත්තල ගුවන්තොටුපළින් ඉවත් වීමත් සමග ඒය අක්‍රිය ගුවන්තොටුපළක් බවට පත්විය. ගුවන් යානාවල ආරක්ෂාව සම්බන්ධයෙන් මෙන්ම වියදම් ප්‍රශ්නය නිසා මෙම ගුවන්තොටුපළ කරා පැමිනෙන්නට ජාත්‍යන්තර ගුවන් සේවාවන් මැලිකමක් දක්වයි. ගුවන් තොටුපළ ඉදිකිරීමට රාජපක්ෂ ආණ්ඩුව විසින් වැය කළ දැවැන්ත ණය කන්ද හේතුවෙන් ගුවන් සේවා අධිකාරිය විසින් වාර්ෂිකව ණය වාරික ගෙවීමට ඩොලර් මිලියන 3ක් වැය කෙරෙන අතර ඒය පියවා ගනු ලබන්නේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ අදායමෙනි.

2013 වසරේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් විවෘත කරන විට මෙම ගුවන්තොටුපළේ ආයෝජනයේ වටිනාකම ඩොලර් මිලියන 252ක් බව ප්‍රකාශ විය. ඒහෙත් මේවනවිට ඒය නැවත සක්‍රිය තත්වයට ගෙන ඒ්මට ඇස්තමේන්තු කර ඇති ආයෝජනය ඩොලර් මිලියන 325කි.  ඉන්දියානු සමාගමක් මේ සදහා ආයෝජනයට කැමැත්ත පළ කර ඇති බව කියන ආණ්ඩුව ආයෝජනය සදහා 70% අයිතිය ඒම සමාගමට පවරන්නට සූදානමින් සිටී. ඒ් අනුව ඉතිරි 30% ආයෝජන හිමිකම ගුවන් සේවා අධිකාරිය විසින් දරනු ඇත. යෝජිත ගිවිසුම අනුව ගුවන් තොටුපළ ලාභ ලබන අවස්ථාවක ඒම ලාභයද බෙදී යන්නේ ආයෝජන අනුපාතයටම බව දැක්වේ. මේ නිසා ආණ්ඩුවේ සැලැසුම අනුව වසර 40ක් සදහා ඉන්දියානු සමාගමක් විසින් මත්තල ගුවන්තොටුපළේ අයිතියෙන් 70%ක් හිමිකරගනු ඇත. මේ වනවිට ඉන්දිය ගුවන්සේවා සමාගම විසින් මෙම ආයෝජනය සදහා ඩොලර් මිලියන 320ක ලන්සුවක් තබා ඇති අතර ඒය මෙතෙක් පැමිනි ඉහළම අගය බවද කියැවේ.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් මෙම නිශ්ඵල ගුවන්තොටුපළ ආරම්භ කරනු ලැබුවේ මැදමුලන සිය උපන් ගම් ප්‍රදේශය අවට මහා නාගරිකයක් බවට පත්කර දකුණ සංවර්ධනය කළ බව පවසන්නටය. ඒ යටතේ ගොඩනැගූ මත්තල ගුවන් කොටුපළ ‘මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ’ ලෙසද  හම්බන්තොට වරාය ‘මාගම්පුර මහින්ද රාජපක්ෂ වරාය’ ලෙස ද නම් කරණ ලදී. ඒවා විවෘත කිරීමේ මහ පරිමාණ රාජ්‍ය උත්සව සදහාද රුපියල් මිලියන ගණනින් අධික වියදමක් දරමින් රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රතිරුපය ඉස්මතුකරවන්නට කටයුතු කරන ලදී. මේ සියල්ල අවසානයේ මත්තල ගුවන්තොටුපළ වසා දමන තත්වයට පත් වූ අතර හම්බන්තොට වරාය ඉදිකිරීම් සදහා ණය ගෙවන්නට නොහැකි තැන ඒය චීනයට විකුණා දමන්නට තීරණය විය.