தமிழ்
English
Contact
Monday 10th December 2018    
80 දශකය යළි කියැවීම | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

80 දශකය යළි කියැවීම



ඔක්තෝබරය ගැන කියවෙන විිටම අපට මතකයට එන්නේ ලෝකයටම පාඩම් ගෙන ආ 1917 රුසියන් විප්ලවයයි. එහෙත් ලංකාවේ ජීවත්වන අපට ගෙවීගිය ඔක්තෝබරය, නව ලිබරල් ධනවාදයේ විපරීතභාවය කියා දුන්නේය. එය කෙතරම් විසුලකාරී බවකට ඇද වැටුනේදැයි කියතොත් මෙරට නව ලිබරල් ධනවාදයේ කේන්ද්‍රීය බලය ප‍්‍රදර්ශනය කළාවූ විධායකය ඔක්තෝබර් අවසන් සතිය ගෙවා දැමූයේ පසුගිය දශක හතර පුරාම දරා සිටි අත්තනෝමතික බලය විගඩමක් බවට පත් කරමිනි. හිිටි හැටියේ අගමැති පුටුව මාරුකරමින් ගෙන ගිය ක්‍රියාවලියෙන් පෙන්නුම් කර ඇත්තේ නොනැවතී වැඩෙන දේශපාලන අර්බුදයක් වෙත ලාංකීය සමාජය ඇද දමා අවසන් බවය. දේශපාලන අර්බුද නම් කවරේදැයි කියා විමසන්නෙකුට ඒ පිළිබද කියවා ගත හැකි අනගිතම පාඩම් එම සිදුවීමෙන් සිදුවීම තුළ සාමාන්‍ය ජනයාට කියා දෙමින් තිබේ. මෙසේ දේශපාලන සිදුවීම් ඇවිල යමින් තිබෙන්නේ දිනපතාමත් අළුත් පාඩම් මෙන්ම ගොඩනැගී ඇති දේශපාලන අර්බුදය තව තවත් තීව‍්‍ර කරමිනි .
මින් මතු කෙරෙන එක් ප‍්‍රකාශනයක් වනුයේ ගෝලීය ප‍්‍රාග්ධන වුවමනාවන් වෙනුවෙන් ඉදිකලාවූ සියළු බැරිකේඞ් ඒවායේ නිර්මාතෘන් විසින්ම කඩාබිද දමන ආකාරයයි. ඔවුන් ඒවා ඉදි කලේද පවත්වා ගනිමින් සිටියේද ඒවා ට ගැති කොට ගත හැකි යටත් වැසියන් ද නිර්මානය කරමිනි. පලමුවද දෙවනුවද ඒ වෙනුවෙන් විවිධ දෂ්ටිවාදයන් නිර්මාණය කළ ඔවූහු අද ඒවා සිය පැවැත්ම නැමැති මායාව වෙනුවෙන් එකින් එක ිබිළිදෙමින් තිබේ.
ජේආර් ජයවර්ධන ගෝලීය ධනවාදය විසින් ඉල්ලා සිටි නිදහස වෙනුවෙන් ඉදිකලාවූ පලමු පෙල මෙවලමක් වුයේ ත‍්‍රිමූර්තිය ලෙස අපට පල කලාවු ිවිධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරනයයි. (ශිරානි බන්ඩාරනායක සිදුවීමේදී ජවිපෙය ඒවා ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මුල් ගල් බැවින් ඒවායේ ගරුත්වය රැක දීමට ආයාචනය කළාය) සිදුවෙමින් ඇත්තේ සියල්ල අඩුවැඩි වශයෙන් ප‍්‍රශ්න කෙරෙමින් හෙළිදරව් වෙමින් සියල්ල එක පොදියට ගැටෙන්නට පටන් ගැනීමය. මෙරට නව ලිබරල් කෙරුවාව දශක හතරක් ගෙවා දැමූ තැන එය සිය ඉතිහාසයේ තීරණාත්මක මංසන්දියට පැමිණ ඇත්තේ එසේය.
ලංකාවේ ධනවාදයේ තරම තේරුම් ගැනීමෙහිලා මේ තත්වය වාමාංශිකයන්ට පමනක් නොව ලිබරල් , සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්ට ද කදිම පාඩමක්ව ඇත්තේය. ඔවුන් විසින් දිගින් දිගට කියා සිටියා වූ ප‍්‍රතිසංස්කරන මල්ල දැන් මහ දවාලේම පසෙකට හලා තිබේ. ඔවුන් සිය ප‍්‍රතිසංස්කරන අරබයා අරගලයේදී සමාජය කදුමුදුනටම තල්ලූකොට දැමූ මෑතකාලීන අරගලය සංකේතවත් වූයේ 2015 මැතිවරණයත් සමග ප‍්‍රකාශයට පත් සටන් පාඨ තුලිනි.එහි ප‍්‍රකාශිත ජයග‍්‍රහනය සංකේතවත් කරනු ලැබූයේ 19වැනි සංශෝධයෙනි. ‘කුමන්ත‍්‍රණ පරාදයි 19 සම්මතයි“ කියා පෝස්ටර් ඇලවීමට ඉක්මන් වුයේද එැබැවිනි. 19 ගෙන ඒම සහ එහි වටානාකම් ඔප් නැංවීමට ක‍්‍රිය කළවුන්ටද එහි උණුසුම පහව යන්නටද මත්තෙන් එහි විපරීත බව ඔිනෑවටත් වැඩියෙන් කියා දී තිබේ.
දැන් නව ලිබරල් ධනවාදයත් විධායකයත් කෙතරම් ගහට පොත්ත සේ ඇලී ඇද්දැයි වත්මන් සිදුවීම් අපට හොදින් කියා දී අවසන්ය. එනම් මතුපිටින් කෙරෙන පිළියම් වලින් කිසිසේත් වත්මන් නව ලිබරල් ධනවාදය පිළිසකර කල නොහැකිය යන්න එළිපිටම කියා දී ඇත. නව ලිබරල් ආර්ථිකය හුයක් සේ දිවෙන , එහි ගොදුරු බවට පත් නොකෙරෙන කිසිදු සංස්ථාවක් ප‍්‍රාණියෙක් මිහිපිට නොමැති බැව් පෙන්වා ඇති විටෙක ව්‍යවස්ථාවට ගෙන එන ලිලිපුටු ක‍්‍රීඩාවන් කිසිසේත් අදාල නොවන බැව් ද ඒවායේ සරන යන්නන්ට කල හැක්කේ තමන්වද ඒවා ට ගොදුරු කරවමින් සමස්ථ සමාජයම වළ පල්ලට ඇද දැමීම පමනක් බවද දැන් කියා දී තිබේ.
මේ ආකාරයේ සට කපටකම් මෙන්ම එහි පුරෝහිත වැඩ කොටසක් ඉටු කලාවූ කාල වකවානුව සලකුනු වූයේ 80 දශකයෙනි. එය ව්‍යවස්ථා මගඩි ඔස්සේ මැතිවරන කල් දැමුවා පමනක් නොව සිය අනීතික බලය මගින් වසර 6කින් පාර්ල‍්‍රිමේන්තු කාලයද දික් කර ගත්තේය. පාර්ලිමේන්තුවේ සිිිටි තමිල් මංත‍්‍රීවරුන් පලවා හැරියේය.විනිෂ්චය කාරවරුන් පලවා හරිමින් සිය හිතවාදීන් ඒවාට ගාල් කරනු ලැබීය. කම්කරුවන් රැුකියාවලින් පලවා හැරියේය.අවසානයේදී විරුද්ධ පක්ෂයේ තම ප‍්‍රතිවාදියාවු සිරිමාවෝ ගේ ප‍්‍රජා අයිතිය ද අහෝසි කෙරුනි ඉන්ද නොනැවතුනු ඔවුන් ජවිපෙ ඇතුළු වාම පකෂ දඩයමට ලක්කලේය දේශපාලනයේ අළුත් බෙදීමක් පංතිමය බෙදීමක් තීව‍්‍ර ලෙස පලවූයේ එතැන් සිටය
80 දශකයෙන් අප උගෙන ගත යුතු මහත් වූ දේශපාලනමය පාඩම මුන ගැසෙන්නේ මෙහිදීය දඩයම මර්දනය පලවා හැරිමි කප්පාදු කිරීමි මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී ලෙස දිග හැරුනු මර්දනීය පියවරයන්ට එරෙහි අළුත් දිග හැරුම මතුවන්නේ මෙහිදීය. එනම් සිදුවීම් දෙස බලා ඉද ඉරණමට ඉඩ දී තත්වය විග‍්‍රහ කරනවා වෙනුවට ඉරණම වෙනස් කරන පීඩිතයන්ගේ දේශපාලන අරගලය ඉදිරියට කැදවන ලදී. කෙතරම් අඩුපාඩු පරාජයන් පැවතියද බලා නොසිට තත්වය වෙනස් කිරීම වෙනුවෙන් ගත් ප‍්‍රවේශය ථෙතිහාසික වන්නේ එබැවිනි. නැවතත් ඉරණම දෙස බලා ඉන්නවාද එළෙඔමින් ඇති තත්වය පැරදවීමට සටන් වදිනවාද මේි මොහොතේ එය කියවා ගැනිමට වඩාත් කිටිටුම දශකය උපක‍්‍රම පිළිබද ආදර්ශය කැපකිරීම් මෙන්ම ජීවන ආදර්ශයන් අපට ගෙන ආයේ 80 දශකයයි. එම දශකයේ දිගහැරීම අවසානයේ තවත් දශක හතරක් ගෙවා ඇති මේ මොහොතේ ඉන් උගෙනමින් පීඩිතයාගේ ඇත්ත නිදහස වෙනුවෙන නැවත නැවතත් අරගල ඉදිරියට කැදවීම හැර අන් මගක් අප ඉදිරියේ නැත