தமிழ்
English
Contact
Wednesday 19th September 2018    
නිදහස් සෞඛ්‍ය සේවය උදෙසා සෞඛ්‍ය සේවකයින් ශ්‍රේණි බේද පසෙකලා සටන් බිමට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

නිදහස් සෞඛ්‍ය සේවය උදෙසා සෞඛ්‍ය සේවකයින් ශ්‍රේණි බේද පසෙකලා සටන් බිමට



සමස්ත ලංකා සෞඛ්‍ය සේවක සංගමය විසින් අද(12) දින අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිට විරෝධතාවයක් සංවිධානය කර තිබු අතර මේ සඳහා සෞඛ්‍ය සේවයේ ක්ෂේශ්ත්‍ර ගණනාවක් නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගී විය.

වෛද්‍යවරුන් මෙන්ම වෛද්‍ය සිසුන්, ගිලන් රථ රියදුරන් ඇතුළු අනෙකුත් රෝහල් සේවා ගණනාවක කාර්යමණ්ඩල ශ්‍රේණි බේද පසෙකලා මෙම විරෝධතාවයට සම්බන්ධ වීම විශේෂත්වයක් විය. මීට අමතරව කම්කරු අරගල මධ්‍යස්ථානය ද මේ සඳහා සම්බන්ධ වී තිබුණි.

අනුරාධපුර රෝහලේ පවතින උග්‍ර සේවක හිඟය, රෝගීන් සහ සේවකයින් වෙනුවෙන් ලබා දෙන ආහාරවල ගුණාත්මකභාවය අවම වීම, අනියම් හා ආදේශක සේවකයන් විශ්‍රාම වැටුප් සහිතව ස්ථීර කිරීම, රෝහල් කණිෂ්ඨ කාර්‍යමන්ඩලය බඳවා ගැනීමට ක්‍රමවත් ක්‍රියාපටිපාටියක් නොමැති වීම සහ රෝහල් සේවා විකිනීම ඇතුළු ගැටළු කිහියක් සඳහා කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස ආණ්ඩුවට බල කරමින් ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත විය.

ආණ්ඩුවට හිතැති සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් මෙම විරෝධතාවය නතරකරන ලෙස බලපෑම් කර තිබූ අතර  අදාළ තර්ජනයන් නොසලකා නිදහස් සෞඛ්‍ය සේවයක් වෙනුවෙන් මෙලෙස උද්ගොෂණයට සම්බන්ධ වූ බව විරෝධතාකරුවන් පැවසීය.

ආණ්ඩුවේ අත්තනෝමතික වුවමනාවන් වෙනුවෙන් නඩත්තු කරමින් තිබෙන උග්‍ර ශ්‍රේණි බේද පසෙකලා සංවිධානය වී සටන් ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වීමම නිදහස් සෞඛ්‍ය ක්ෂේශ්ත්‍රයේ වෙනුවෙන් ලද දැවැන්ත ජයග්‍රහණයක් ලෙස පෙන්වා දිය හැකි අතර පසුගාමී වෘත්තීය සමිති විසින් හුදෙකලාවේ අසාර්ථකව ගොඩ නගමින් තිබෙන ගෝත්‍රික සටන් බිමට නව ජීවයක් ලබා දීමටද සමත් වීමකි.