தமிழ்
English
Contact
Wednesday 21st August 2019    
මාර්ග තදබදය නිසා අධිකරණයට ඒන්න බැරි වුණා, සමාව දෙන්න! - විමල් සහ ජයන්ත මහෙස්ත්‍රාත්ගෙන් ඉල්ලයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මාර්ග තදබදය නිසා අධිකරණයට ඒන්න බැරි වුණා, සමාව දෙන්න! – විමල් සහ ජයන්ත මහෙස්ත්‍රාත්ගෙන් ඉල්ලයි



අධික මාර්ග තදබදය හේතුවෙන් මාර්තු 10 වැනිදා තමන්ට අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට නොහැකි වූ බවද ඒ් සම්බන්ධව අධිකරණයෙන් සමාව අයදින බව ද විමල් වීරවංශ සහ ජයන්ත සමරවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඊයේ(20) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියහ.

මන්ත්‍රීවරු වෙනුවෙන් පෙනී නොසිටි හේතුෙවන් අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කර තිබූ ඔවුන් ඊයේ අධිකරණය වෙත යොමු කරමින් නීතිඥවරු ෙම් කරුණු ඉදිරිපත් කළහ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් 2016 වසරේ ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට පරිශ්‍රය අවහිර කරමින් මහජන පීඩාවක් සිදු කළ බවට චෝදනා ඔවුන් දෙදෙනා සම්බන්ධව කුරුදුවත්ත පොලිසිය විසින් අධිකරණයට වාර්තා කර තිබිණ. පසුගිය 10 වැනිදා අදාළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී නඩුවේ සැකකරුවන් ලෙස නම්කර තිබෙන විමල් වීරවංශ සහ ජයන්ත සමරවීර මන්ත්‍රීවරු දෙදෙනා අධිකරණයේ පෙනී නොසිටියහ.

ඒ අනුව ඔවුන් අත්අඩංගුට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර සඳුදා වරෙන්තු නිකුත් කළේය. මේ නිසා ඊයේ අධිකරණයට මෝසමක් ඉදිරිපත් කරමින් පෙනී සිටි මන්ත්‍රීවරු දෙදෙනාගේ වරෙන්තු අාපසු කැදවන්නට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර තිරනය කල අතර මින් ඉදිරියට නඩුව කැඳවන අවස්ථාවේ නිසි වේලාවට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි මන්ත්‍රීවරු දෙදෙනාට අවවාද කළේය.