தமிழ்
English
Contact
Saturday 24th October 2020    
කොතලාවල අාරක්ෂක පීඨය හරහා වෙෙද්‍ය අධ්‍යාපනය විකිණීමේ උත්සාහය නවතනු! - සමස්ත ලංකා රජයේ වෙෙද්‍ය නිලධාරි සංගමය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කොතලාවල අාරක්ෂක පීඨය හරහා වෙෙද්‍ය අධ්‍යාපනය විකිණීමේ උත්සාහය නවතනු! – සමස්ත ලංකා රජයේ වෙෙද්‍ය නිලධාරි සංගමය



සයිටම් ආයතනය වංචනික ව්‍යාපාරයක් ලෙස සනාථව තිබියදී එහි ශිෂ්‍ය පිරිස කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයට යොමු කරවා නැවත පෞද්ගලික අධ්‍යාපනය ආරක්ෂා කිරීමේ පියවර ඉදිරියට ගනෙ යාම සම්බන්ධව විරෝධය පළ කරමින් සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරි සංගමය මාධ්‍ය හමුවක් පවත්වන ලදී.
එම අවස්ථාවේ එම සංගමයේ සභාපති වෛද්‍ය ගිෂාන්ත දසනායක කළ ප‍්‍රකාශය පහත පළ වේ
”සයිටම් හොර උපාධි ආයතනයක් වශයෙන් හංවඩු ගැහිලා, ආණ්ඩුවත් ඒක පිළිගෙන, ඒක වහනවා කියලා පොරොන්දු දුන්නා. ඒකට නීතිමය වළංගුභාවයක් නැහැ. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය හා සම්බන්ධ කරමින් නැවතත් මුදලට වෛද්‍ය උපාධිය අලෙවි කරන තැනට කට යුතු කරමින් ඉන්නවා. 1981 අංක 68 දරන විශ්වවිද්‍යාල පනත උල්ලංඝනය කරමින් කටයුතු කරමින් ඉන්නවා.
පැරණි කේ.ඞී.යූ. පනත අහෝසි කරනවා. අලූත් පනතක් ගේනවා. ඒ මගින් දැන් රජයේ විශ්වවිද්‍යාල පාලනය කරන පනත උල්ලංඝනය කරමින් ඊට පරිබාහිරව තමයි කටයුතු කරන්නේ. කිසිදු ආකාරයකින් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවට හෝ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට වග නොකියන උපාධි විකුණන ආයතනයක් විදියට තමයි මේ ආයතනය පවත්වාගෙන යන්න ආණ්ඩුව උත්සාහ කරන්නේ. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට, විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවට විතරක් නොවෙයි වෛද්‍ය සභාවටවත් මේ සම්බන්ධයෙන් මැදිහත් වීමක් කරන්න බැරි වෙන බව තමයි පනතේ වගන්ති කියවද්දී පේන්න තියෙන්නේ.
මේ පනත කියවද්දී අපට හිතෙනවා, උසස් අධ්‍යාපනයේ ප‍්‍රමිති තීරණය කරන, ඊට මැදිහත් වන ආයතනය මග හැරලා මේ පනත හදලා තියෙන්නේ වැරදීමකින්ද කියලා. එහෙම නම්, මේ පනත හදලා තියෙන්නේ හරක් රැුලක් කියලා තමයි අපට හිතෙන්නේ.
අපට පේනවා ඊට එහා ගිය තකතීරුකමක් තිබෙනවා. මේක නොදැන කළ දෙයක් නොවෙයි දැන දැන කළ දෙයක්. 19881 සිට වෛද්‍ය උපාධිය මුදලට විකුණන්න උත්සාහ කළා. ඒක මේ රටේ ශිෂ්‍යයන්, මහජනතාව පාරට බැහැලා පරාජය කළා. ඊට පසුව ආපු උත්සාහයනුත් පරාජය කළා. දැන් තිබෙන උත්සාහය තමයි සයිටම් ආයතනය හරහා වෛද්‍ය උපාධිය විකුණන එක. දැන් ඒ ආයතනයත් නීති විරෝධී කියලා ඔප්පු වෙලා තිබෙනවා. දැන් ආණ්ඩුව නැවත වතාවක් එතනදී කර ගන්න බැරි වුණු දේවල් නීත්‍යනුකුළව කර ගන්න උත්සාහ කරනවා.
මෙතනදී ආණ්ඩුව තමන්ගේ අරමුණ ඉටු කර ගන්න මිලිටරි බලය යොදා ගෙන තිබෙනවා. අලූත් විශ්වවිද්‍යාලයක් ආරම්භ කරනවා නම් ඊට උපකුලපතිවරයෙක් අවශ්‍යයි, පාලක සභාවක් අවශ්‍යයි. ඒ සඳහා පත් කරන්නේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ප‍්‍රාමාණික දැනුමක් සහිත මිනිස්සු. මෙහි උපකුලපති හා පාලක මණ්ඩලය ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් මණ්ඩලයක්. එක් අයෙක් ආරක්ෂක අමාත්‍යවරයාගේ විෂය භාර ලේකම්වරයා. දෙවැනියා ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා. ඊළඟට ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානියා. හමුදා කාරයෙක්. ඊළඟට හමුදාපතිවරයා. නාවික හමුදාපතිවරයා. ගුවන් හමුදාපතිවරයා. ඊළඟට උපකුලපතිවරයා වශයෙන් පත් කරන නාවික හමුදාවේ හෝ ගුවන් හමුදාවේ හෝ පාබල හමුදාවේ හෝ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්. විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ නාමිකයෙක් සහ භාණ්ඩාගාර ලේකම් පත් කරන අනු නියෝජිතයෙක්. ඔය විදියට තමයි පාලක සභාව හැදෙන්නේ.
මෙය තනිකරම මිලිටරි පාලනයක්. ඔවුන් හරහා හදන්නේ මොකක්ද? මීට පෙර මුදලට උපාධි අලෙවි කිරීමට ඉඩක් නොලැබුණේ ඊට එරෙහිව රටේ තිබුණු විරෝධය නිසා. මෙතනදී ඒ විරෝධය මැඩ පවත්වන්න මිලිටරි බලය පාවිච්චි කරනවා. මේ හදන විශ්වවිද්‍යාල ඇතුළේ ශිෂය සංගම් තහනම්. අයිතිනීන් සම්බන්ධයෙන් කිසිදු හඬක් නගන්න බැහැ. සේවකයන් බඳවා ගන්නා අයට සේවක සංගම් තහනම්. ඒ කියන්නේ හමුදාවක්. හමුදාවක වෘත්තීය අයිතිවාසිකම් නෑ. ජ්‍යෙෂ්ඨයා කියන දේ දේව වචනය විදියට සලකන්න තමයි හමුදාව හදලා තියෙන්නේ. මෙතනත් ඒකම තමයි තියෙන්නේ.
මේ හදන්න යන ආයතනයට වෙනත් ඕනෑම උපාධි පිරිනමන ආයතනයක් සමග සහයෝගයෙන් කටයුතු කරන්න පුළුවන්. දේශීය හා විදේශීය උපාධි විකුණන ආයතන සමග කටයුතු කරන්න විතරක් නොවෙයි, එම ආයතන මුදල් බලයෙන්ම පමණක් ලබා දුන් උපාධි පිළිගැනීමේ බලය මේ ආයතනයට දීලා තිබෙනවා. ලෝකයේ ඇතැම් රටවල වෛද්‍ය උපාධි ලංකාවේ වෛද්‍ය සභාව පිළිගන්නේ නෑ. ඒ, එම වෛද්‍ය උපාධි අදාළ ප‍්‍රමිතීන් සම්පූර්ණ කර නැති නිසා. දැන් මේ ආයතනයට බලය ලැබෙනවා, එවැනි ශ‍්‍රී ලංකාවේ වෛද්‍ය සභාව අනුමත නොකරන උපාධි විකුණන ආයතනවල උපාධිවලට පිළිගැනීම ලබා දෙන්න. මේක ඉතාම බරපතළ තත්වයක්.
අවසාන වශයෙන් මෙහි බලධාරියා වෙන්නේ ආරක්ෂක අමාත්‍යවරයා. විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ ක‍්‍රියාවලියට අනුව උසස් අධ්‍යාපන ඇමතිවරයාට සම්පූර්ණ බලතල ලැබෙන්නේ නැහැ. ඔහු කරන්නේ මෙහෙයවීමක් විතරයි. නමුත් මේ පනතට අනුව ආරක්ෂක අමාත්‍යවරයාට සම්පූර්ණ බලතල පැවරෙනවා. සම්පූර්ණයෙන්ම දේශපාලනිකකරණය කළ ආයතනයක්. දේශපාලකයන් කියන්නේ හොර යක්කු. ඒ නිසා හොර යක්කුන්ට තමයි පවරා දීලා තිබෙන්නේ. එක පැත්තකින් මිලටරීකරණය කරලා තිබෙනවා. අනෙක් පැත්තෙන් දේශපාලනිකකරණය කර තිබෙනවා. අපි දන්නවා බොහෝ දේශපාලකයන්ගේ දරුවන් මදාවියන් බවට පත් වෙලා ඉන්නේ. ඒ මදාවියන්ටත් මුදලේ බලයෙන් උපාධි ගන්න පුළුවන් ඉඩ ප‍්‍රස්ථා මේ හරහා නිර්මාණය කර තිබෙනවා.
උසස් පෙළින් විශ්වවිද්‍යාලවලට යන පිරිස සීමිතයි, ඒ නිසා උසස් පෙළ ඉහළින්ම සමත් වෙන ළමුන්ට ඉඩ ප‍්‍රස්ථා හදන්න තමයි මේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හදන්නේ කියලා තමයි ආණ්ඩුව කියන්නේ. අපි හොයලා බැලූවාම සයිටම් හොර උපාධි කඩයේ ඉන්න සිසුන්ගෙන් 70%ක්ම ආසන්න කඩඉමට ආපු අය නොවෙයි. දාහක් විතර එහි ඉන්නවා. නමුත් අවම පරිසාධන මට්ටමේ ඉන්නෙත් 200ක් විතර. ඒ කියන්නේ පහෙන් එකක්. පහෙන් හතරක්ම සුදුසුකම් සැපිරුවේ නැති අය. එකවර විෂයන් තුනම සමත් නොවී වසර දෙකකින් විෂයන් තුන සමත් වුණු අය 18 දෙනෙක් හිටියා. මේ අයට තමයි මේ මුදල් බලයෙන් වෛද්‍ය උපාධිය විකුණන්න යන්නේ.
අපි ඉල්ලන්නේ නිදහස් අධ්‍යාපනය. අපි ඉල්ලන්නේ නිදහස් සෞඛ්‍ය. ආණ්ඩුව හිතන්නේ ඒක හිඟා කෑමක් කියලා. ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ, නැත්නම් කවුරු හරි ඇමතිවරයකුගේ බූදලයක් නොවෙයි අපි ඉල්ලන්නේ. මේ රටේ දුප්පත් ජනතාව ගෙවන බදු මුදල තමයි 84%ක් භාණ්ඩාගාරයේ පිරවෙන්නේ. ඉතිරි 12% හෝ 15%ක ප‍්‍රමාණය තමයි ධනපතියන් ගෙවන්නේ. බදු ගෙවිය යුතු ධනපතියන් බදු ගෙවන්නේ නෑ කියන එක තමයි මේකෙන් පේන්නේ.
සාමාන්‍ය ජනතාව ගෙවන බදු මුදලින් තමයි අධ්‍යාපනය, සෞඛ්‍ය පවත්වාගෙන යන්නේ. ආණ්ඩුව බදු එකතු කරන කොට කියන්නෙත් ඒකම තමයි. අපි ඉල්ලන්නේ අපේ අයිතිය. අපි ගෙවපු දේ අපිට දීපල්ලා කියලයි අපි කියන්නේ.
ඒ නිසා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරෝධය පළ කරනවා. මේ පනත ඉවත් කර ගන්න කියලා අපි ආණ්ඩුවට බල කරනවා. අපි කියන්නේ සයිටම් සිසුන්ගේත් අයිතිය ආරක්ෂා වෙන විදියට අවම සුදුසුකම් සපුරා සිටින සියලූ දෙනා රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුළත් කර ගන්න. අධ්‍යාපනය හා සෞඛ්‍ය විකිණීම වහාම නතර කරන්න.”.
එම සංගමයේ ලේකම් වෛද්‍ය ධම්මික පතිරණ, උපලේකම් ජයන්ත රාජපක්ෂ යන අය මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.