தமிழ்
English
Contact
Tuesday 14th July 2020    
සෞඛ්‍ය අධ්‍යක්ෂ, මෙරටට එවන ලාංකිකයන් ගැන විදේශයන්ට ආඩපාලි කියයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සෞඛ්‍ය අධ්‍යක්ෂ, මෙරටට එවන ලාංකිකයන් ගැන විදේශයන්ට ආඩපාලි කියයි



ලංකාවේ සිට ජීවන ගැටලු නිසා විදේශගතවූ දහස් ගණනක් කොරෝනා වසංගතයෙන් අනතුරුදායක තත්වයක සිටියදී ඔවුන් ගෙන්වා ගැනීමෙන් වැළකීමට ආණ්ඩුව විවිධ හේතු දක්වමින් සිටී.

එහි නවතම අවස්ථාව වන්නේ කුවෙට් සිට පැමිණි 97 දෙනකුට වයිරසය ආසාදනය වී තිබුණ බව පවසමින් කුවේට් බලධාරින්ට චෝදනාකිරිමය.

මාස දෙකක් තිස්සේ තමන් ගෙන්වා ගැනීමට ඉල්ලා සිටින විදේශගත ලාංකිකයන් සම්බන්ධ වගකීමෙන් මගහැර සිටින ආණ්ඩුව විසින් සිදුකරන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ලවා විදේශ රටවලට ආඩපාලි කියවීමය. ඊයේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා සිය විෂයපථයට අදාළ නොවන රාජ්‍යතාන්ත්‍රික කරුණක් වෙත මැදිහත් විය. දේශපාලන නායකත්වය විසඳිය යුතු ප්‍රශ්නයකට සෞඛ්‍ය ලේකම්වරයකු මැදිහත්වන පළමුවන අවස්ථාව මෙය වියහැකිය. ඒම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ලංකාව ‘කොවිඩ්-19’ ආසාදිත විදේශිකයන්ට සැලකූ ආකාරය අනෙක් රටවල් ද අනුගමනය කළ යුතු යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළේය.
එපමණක් නොව, පසුගියදා හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේ විසින් පැවසූ කාරණයට සමාන අදහසක්ද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විසින් පුනරුච්චාරණය කර තිබේ. පිටරටවල් එම රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන් නැවත එවන්නේ නම් එය මානුෂීය අයුරින් කටයුතු කළ යුතු බවත් ශ්‍රී ලංකාව විදේශිකයන්ට සත්කාර කළ ආකාරයෙන් සැලකිය යුතු බවත් හෙතෙම ප්‍රසිද්ධයේ පවසා ඇත. එසේ කටයුතු කළා නම් ලංකාව දැන් මුහුණ දී තිබෙන ප්‍රශ්නයට මුහුණ නොදෙන්නේ යැයි දක්වමින් ඔහු විදෙස් ගත සිටි වයිරස ආසාදිත ලාංකිකයන් මෙරටට පැමිණීම හේතුවෙන් මේ වනවිට රටේ සෞඛ්‍ය පද්ධතියට පීඩනයක් එල්ල වී ඇතැයි ද කියා ඇත. අලුත්ගමගේ පසුගියදා ආන්දෝලනයකට මග පාදමින් පැවසුවේ ලාංකිකයන් අතර කොරෝනා ආසාදිතයන් තෝරාගෙන ලංකාවට පිටත් කිරීම ‘මිනිස් බෝම්බ’ ඒවීමකට සමාන බවය. ඒහෙත් කුවේටයේ ලංකා තානාපතිවරයා පැවසුවේ ලාංකිකයන් පරික්ෂනවලට ලක්කර ඒවු බවත් ඔවුන් අතර සිටි ආසාදිතයකු ගුවන්යානයට නංවන්නේ නැතිව රෝහල්ගත කළ බවත්ය.
සෞඛ්‍ය අධ්‍යක්ෂවරයාගේ විෂයට අයත්වන්නේ මෙරට සෞඛ්‍ය සේවා නිසි ලෙස පවත්වා ගෙන යාම හා ඒහි අවශ්‍යතා සඳහා මැදිහත්වීමය. ඒ් සඳහා ඇති අඩුපාඩු සොයාබලා ඒ්වා සපුරාගැනීමේ ගැටලුවක් ඇත්නම් ප්‍රසිද්ධ මාධ්‍යකදී ඒය ප්‍රකාශ කිරීමේ බලයද ඔහුට ඇත. මේ වනවිට මෙරටට ලාංකික ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම නවතා දමන්නට ආණ්ඩුව තීරණයකර ඇත්තේ ලංකාවේ දැඩි සත්කාර ඇඳන් ප්‍රමාණවත් නොවන තත්වය නිසා බව පසුගියදා ඔහු ප්‍රකාශකර තිබිණි. සෞඛ්‍ය බලධාරින්ගේ වගකීම වන්නේ ඇඳන් සංඛ්‍යාවක් සීඹාකර ඒ් අනුව රෝගීන් ඇතුළත් කරගැනීම නොව, රෝගීන්ගේ අවශ්‍යතා අනුව ඇඳන් සපුරාගැනීමේ පරිපාලන කාර්යවත් හරිහැටි ඉටු කිරීමය. ඒ් වෙනුවට සෞඛ්‍ය අධ්‍යක්ෂ විසින් ආණ්ඩුවේ තීරණ ප්‍රකාශයට පත්කරමින් රාජ්‍ය තාන්ත්‍රික ආඩපාලි කියන තැනට පත්ව ඇත.
ජාත්‍යන්තර ප්‍රඥප්තිවලට අනුව සහ සියලු දෙනා පිළිගත් මානව හිමිකම් මෙන්ම ගිවිසුම් සහ පොදු සම්මතවලට අනුව රෝගියකු තවත් රටකට පිටුවහල් කිරීමට කිසිදු රටකට අයිතියක් නැතැයි මාධ්‍ය වෙත පවසන සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා ලාංකිකයන් මෙරටට පැමිණීමට අවශ්‍ය බව ඉල්ලා සිටිනවිට ඒය ප්‍රතික්ෂේප කිරීමෙන් නොතකන ජාත්‍යන්තර ප්‍රඥප්ති හා කඩවන මානව හිමිකම් මොනවාදැයි පවසා නැත.
විදේශවල සිරවී සිටින, කිසිදු පිළිසරණක් නැති සෑම ලාංකිකයකු මෙන්ම රෝගී ඕනෑම ලාංකිකයකු නැවත ගෙන්වා ගැනීමට ආණ්ඩුව කිසිදු විටෙක නොපැකිළෙන බව ඒම මාධ්‍ය හමුවේ ආණ්ඩුව රකින්නට උත්සාහ කරන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ අනිල් ජාසිංහ, ඒ් නිසා විදේශයන්හි නවාතැන්වල ගාල්වී සිටින ලාංකිකයන් කොරෝනා ආසාදනයට ලක්වීම නිසා ඇතිවන ගැටලුව ගැන අවධානය යොමුකර නැති බව පැහැදිලිය.