தமிழ்
English
Contact
Thursday 21st June 2018    
ජාතිවාදීන් රටම යළි යුද්ධයකට ඇද දැමීම වැළැක්වීමට සියලූ දෙනා මැදිහත් වියයුතුය - පෙරටුගාමී සමාජවාදී පක්ෂය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජාතිවාදීන් රටම යළි යුද්ධයකට ඇද දැමීම වැළැක්වීමට සියලූ දෙනා මැදිහත් වියයුතුය – පෙරටුගාමී සමාජවාදී පක්ෂය



නැවත වතාවක් ජාතිවාදය හිස ඔසවමින් තිබෙන බැවින් අවසන්වූ අවුරුදු 30ක් ජාතිවාදී යුද්ධයක් බඳු ව්‍යසනකාරී තත්වයකට රට නැවත තල්ලූ කිරීමේ අනතුරක් මතුවෙමින් තිබෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

පසුගිය දිනවල තෙල්දෙනිය ප්‍රදේශයෙන් පැන නැගුණු ජාතිවාදී ගැටුම් සම්බන්ධයෙන් අදහස් දැක්වීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රධාන කාර්යාලයේ අද(06) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී පෙ.ස.ප. ප‍්‍රචාරක ලේකම්, දුමින්ද නාගමුව මේ බව පැවසීය.

ඔහු දැක්වූ අදහස් මෙසේය.

”පසුගිය මැතිවරණ කාලයේදී මහින්ද රාජපක්ෂගෙ අරමුණු අතර බලය අත්පත් කරගන්න ජාතිවාදය ඇවිස්සීවීම ප‍්‍රමුඛ වුණා. දැන් ප‍්‍රශ්නයක් ආවා. ඒ නිසා මේක පවත්වාගෙන යන්නේ මොකටද? කොහොමද? කවුද කළේ කියලා හොයන්න දෙයක් නෑ.

උදාහරණයක් ලෙස ගන්න පසුගියදා දියතලාවේ බස් රථ බෝම්බ සිද්ධිය ආවා. එකට ගම්මන්පිලලා, වීරවංශලා ඔන්න නැවත යුද්ධය හිස ඔසවනවා කියලා ජාතිවාදය ඇවිස්සුවා. අම්පාරේ වඳ පෙති කතාවක් කියලා නැවත ජාතිවාදය ඇවිස්සුවා. ඊළඟ පියවර විදිහට තේල්දෙනියේ මේ සිද්ධිය මතු වුණා. මේ සිද්ධිය ඇතිවෙන් රියදුරන් අතර ප‍්‍රශ්නයක් නිසා. අන්තවාදින් ඒක පාවිච්චි කළා ජාතිවාදය ඇවිස්වීමට. ඒකට ලොකු බිල්ලෙක් මැවුවා. මේවැනි සිද්ධින් සමාජයේ ඇති තරම් වෙලා තියෙනවා. සිංහල, සිංහල දෙනෙකු ගැටුණාම නම් මෙවැනි සිද්ධියක් වෙන්නේ නැහැ. මුල්ලිම්, මුස්ලිම් දෙපාර්ශ්වයක ගැටුමක් නම් මෙහෙම වෙන්නෙ නැහැ. නමුත් සිංහල මුස්ලිම් දෙනෙකු අතර සිදුවීමක් නිසා තමයි මේ ප‍්‍රචණ්ඩ තත්වය ඇති වුණේ. ජාතිවාදි ගිනි කන්ද දැන් හදලා ජාතිවාදය ඇවිස්සීම නිසයි මේක වුණේ. මේකට මතවාදීව හා සංවිධානාත්මකව සම්බන්ධ වෙන අය ඉන්නවා.

අපි දැක්කා අම්පාරේ සිද්ධිය සිද්ධ වෙලා ප‍්‍රචණ්ඩත්වය ව්‍යාපාත වෙද්දි, වඳ පෙති කියලා දෙයක් නෑ කියලා හොයා ගන්න ආණ්ඩුවට සති දෙකක් ගියා. මේ සිද්ධිය සිදුවන්නේ, පෙබරවාරි 22 වැනිදා. මේ සිදුවීම සිදුවන්නේ. ඔවුන් වෙනුවෙන් සාධාරණ මැදිහත්වීමක් කරන්න ආණ්ඩුව බැරිවුණා. මේ පිටුපස මෛත‍්‍රීට – රනිල්ට දේශපාලන වුවමනාවක් තියෙනවා. ප‍්‍රශ්නය ගැන සංවේදී නම් මිනිස් ජීවිත ගැන වලකියන පාලකයන් මෙහෙම බල බලා ඉන්නෙ නෑ. මේ ප‍්‍රශ්න සිදුවන විට විසඳුම් ලබාදීමට ප‍්‍රමාදවීමෙන් මේක පාව්ච්චි කිරිමේ අරමුණ පැහැදිලි වෙනවා. මේකෙන් 2020 සිංහල, මුස්ලිම්, තමිල් ඡුන්ද ගොඩ වැඩිකර ගැනීමේ දේශපාලන ගැටය ගහගන්නෙ කොහොමද කියලා ඔවුන් කල්පනා කරනවා. ඒ තරම ජාතිවාදය හිස ඔසවනවා.
ජාතිවාදයෙන් මත්වුණු අයට මේ සිද්ධිවල ඇති හානිය ගැන කීමෙන් වැඩක් නැහැ. උදාහරණ විදියට වඳ බෙහෙත් නැහැ. කියලා විiාත්මකව තහවුරු කළාට වැඩක් නහැ. මේ සිද්දිවලින් පෙන්නේ ව්‍යාපාරිකයන්ගේ ගැටුමක්. අර කතාවක් තියෙනවා. වෘකයෙක් වතුර බොන තැනකින් මුව පැටියෙක් වතුර බොන්න ආවා. ඒ වෙලාවෙ බඩගින්නෙ හිටිය වෘකයා කිව්වා ”උඹ මං වතුර බොන තැන බොර කෙරුවා, දැන් මං උඹව මරාගෙන කනවා” කියලා. මුව පැටියා බයාදු විදියට කිව්වා ”අනේ් රාලහාමි, මම වතුර බොන්නෙ ඔහේ බොන තැනට පහළින්, මං බොර කරන එක ඔබතුමාට බලපාන්නෙ නෑනෙ” කියලා. එතකොට වෘකයා කිව්වා ”ඒකෙන් කමක් නෑ කොහොම වුණත් මම උඹ කනවා” කියලා. අන්න ඒ වගේ වෘකයන්ගෙ බලය රජකරද්දි පීඩිතයට සාධාරණය, යුක්තිය ලැබෙන්නේ නැහැ.

මේක එක පැත්තකින් ව්‍යාපාරිකයන්ගේ නඩුවක් තමයි මේ විදිහට විසඳෙන්නේ. සිංහල සුළු ව්‍යාපාරිකය හිතනවා තමන්ගෙ වෙළඳාම නැතිවෙන්නෙ මුස්ලිම් වෙළඳාම නිසා කියලා. අපි කියනවා හොඳට ගිනුම් පරික්ෂා කරලා බලන්න. වෙළඳාම නැතිවෙලා තියෙන් මුස්ලිම් මිනිසු හින්දාද? නැතිනම් මහා පරිමාණයෙන් එන වෙළඳ ආධිපත්‍යයන් නිසාද? ඇත්ත ප‍්‍රශ්නය එන්නෙ අපි ගත්ත භාණ්ඩවල ලීසින්, ණය වාරික නිසාද?

සිරියාවේ ප‍්‍රශ්නය දිහා බලද්දි දරුවෝ මැරෙනවා අපිට දරන්න බැරිතරමට වේදනාවක් තියෙනවා. මේ හෙම ගියෝත ඉදිරියෙදී රටේ වෙනත් එවැනි ඛෙදවාචකයක්. අපේ දරුවන්ගේ අනාගතයටත් සිද්ධ වෙන්නේ මේකමයි. සිංහල අය හිතන්න ඕන මේකෙන් අපිට ගන්න විමුක්තියක් නැහැ. මුස්ලිම් අය හිතන්න මේකෙන් අපිට විමුක්තියක් නැහැ. ඒ නිසා ජාතිවාදය ඇවිස්සීමේ තේරුමක් නැහැ. යුගයක ඛෙදවාචකය නම් හොඳ මිනිසුන්ගේ නිහඬතාවයි. අපි කියනවා නිහඬවීම මේ වෙලාවේ උත්තරය නොවෙයි කියලා. මේ රටේ ඉන්න බෞද්ධ ජනතාව හිතන්න ඕන ජාතිවාදය ඇවිස්සීවීම බුදු දහමටත් එකඟ නැහැ කියලා.

ඒ නිසා ජාතිවාදයට විරුද්ධ ලිබරල්වාදීන් වාමාංශිකයන් සියලූ දෙනාත් භේද නොසලකා ඉදිරියට එන ලෙස ඉල්ලා සිටිනවා. මැදිහත් වලො මේ ගිනි කන්ද අවුලවන්නේ නැතිව මේක නිවන්න මැදිහත් වෙන්න. ජාතිවාදයට එරෙහිව සංවිධානය වෙන්න. කියලා අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලනවා.“