தமிழ்
English
Contact
Saturday 18th August 2018    
දැව සංස්ථාවේ දින 05 සභාපති ලක්ෂ 80ක වංචාවකට අල්ලයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දැව සංස්ථාවේ දින 05 සභාපති ලක්ෂ 80ක වංචාවකට අල්ලයි!



දැව සංස්ථාවේ සභාපති ලෙස ජනාධිපතිවරයා විසින් පත්කර විරෝධතා නිසා ඉවත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුද වන අනුරුද්ධ පොල්ගම්පල අද(16) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අැත.

මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදුකළ ලක්ෂ අසූවක මුදල් වංචාවක් සම්බන්ධ චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ. චෝදනා අනුව ඔහු, කළු ගල් වැඩපොළක් පවත්වාගෙන යාමට යැයි පවසා එක්තරා පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 35ක් ලබාගෙන අැත. ඉන්පසුව, එසේ මුදලින් ලබාගත් යන්ත්‍ර පෙන්වා තවත් අයෙකු සමග උතුරේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක උප කොන්ත්‍රාත්තුවක් ලෙස රු. ලක්ෂ 40ක කොන්ත්‍රාත් ගිවිසුමක් අත්සන් කරන්නට ඔහු සමත් විය. ඉන් පසුව එම දෙදෙනාටම අදාළ මුදල් ගෙවීම පැහැර හරිමින් ඔහු මෙම ලක්ෂ 80ක මුදල වංචා කළ බවට චෝදනාවට ලක්ව ඇත.

අනුරුද්ධ පොල්ගම්පල කලක් ජ.වි.පෙ. ක්‍රියාකාරිකයකුව සිට 2004 ඒක්සත් ජනතා නිදහස් සන්ධාන අාණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තේරී පත් විය. පසුව 2008දී මන්ත්‍රි වරප්‍රසාද භාවිත කරමින් ජපානයට නීති විරෝධී ලෙස පුද්ගලයන් ගෙන යාම සම්බන්ධයෙන් ඔහුට චෝදනා ඒල්ල විය. ඒ් අනුව ජ.වි.පෙ. ඔහු ඉවත් කළ අතර 2010 මහින්ද රාජපක්ෂ සමග දේශපාලනයට ඒක් විය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක ලේකම් ලෙසද ඔහු පත් කරනු ලැබිණි පසුව පසුගිය ජනවාරි මසදී පළාත්පාලන මැතිවරණය අාසන්නයේදී මහින්ද රාජපක්ෂ වෙතින් ඉවත්ව මෙෙත්‍රිපාල සිරිසේන වෙත සමීප වීමෙන් මැයි 4 වැනිදා රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති ලෙස පත්වන්නට තරම් ඔහු දේශපාලන සටකපටකමින් දක්ෂයකු විය.

පසුගිය දා දැව සංස්ථාවේ හිටපු සභාපති පී.දිසානායක අල්ලස් චෝදනාවකට අත්අඩංගුවට ගැනීමත් සමඟ ඔහු එම ධුරයෙන් ඉවත් කරමින්
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඒම පුරප්පාඩුවට ෙපාල්ගම්පොල පත්කර තිබිණි. කෙසේ වෙතත් විවිධ පාර්ශ්ව වලින් ඔහු සම්බන්ධ චෝදනා ජනතාව හමුවේ ප්‍රසිද්ධියට පත් කළ පසුව මැයි 10 වැනිදා ඔහු ඒම ධුරයෙන් ඉවත් කරන ලදී. ජනාධිපති සහ අගමැති අැතුළු වත්මන් අාණ්ඩුවේ හත්පොලේ ගාගන්නා දේශපාලන ක්‍රියාමාර්ග රැසක් අතර වඩාත් අවිධිමත් ක්‍රියාවක් ලෙස මෙම සිදුවීම ඉතිහාසයට ඒක් ව තිබේ.