தமிழ்
English
Contact
Tuesday 23rd October 2018    
අපි තවම උතුරෙ ඉන්නෙ මත්ද්‍රව්‍ය හා මිනිස් ජාවාරම් නවත්වන්නයි! - යුද හමුදාපති කියයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අපි තවම උතුරෙ ඉන්නෙ මත්ද්‍රව්‍ය හා මිනිස් ජාවාරම් නවත්වන්නයි! – යුද හමුදාපති කියයි



තවමත් උතුරේ කදවුරු රැසක විශාල වශයෙන් භටයන් රදවා අැත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම් නැවැත්වීම සහ මිනිස් ජාවාරම වැලැක්වීමට බව යුද හමුදාපති මහ්ෂ් සේනානායක පවසයි.

ඉන්දියාෙව් පළකරන ‘හින්දු’ පුවත්පතට සම්ම්ුඛ සාකච්චාවක් දෙමින් හමුදාපතිවරයා පවසන්නේ වසර 30ක යුද්ධය තුළ නතර වී තිබුණු උතුරේ සංවර්ධන කටයුතු වත්මන් අාණ්ඩුව විසින් අාරම්භ කර අැති බවයි. ඒසේම විවිධ ජාවාරම් වැලැක්වීමට ජනතාවට සහාය දැක්වීමට යුද හමුදාව සිටිය යුතු බවද ඔහු පවසයි. ඒසේම යුද්ධය පැවති සමයේ මෙන් නොව යුද්ධය අවසන්ව වසර 9ක් ගතව අැති නිසා ජනතාව සමග කටයුතු කරන්නට හමුදාව පුහුනු වී අැති බවද යුද හමුදාපතිවරයා පෙන්වා දෙයි.

යුද්ධයෙන් වසර 9ක් ඉකුත්ව අැතත් මේ දක්වා උතුරේ ජනතාවගෙන් අත්පත් කරගන්නා ලද ඉඩම් සහ නිවාස නැවත ලබා දෙන ලෙස විශාල උද්ඝෝෂනයක් පවතී. ඒසේම සාමාන්‍ය ජන ජිවිතයට හමුදා කදවුරු හා සන්නද්ධ භටයන්ගේ හැසිරීම නිසා සිදුවන බාධාවත් විශේෂයෙන් කාන්තාවන්ට සිදුවන හිරිහැර සම්බන්ධයෙන් චෝදනා සම්බන්ධයෙන් හමුදාපතිවරයා කිසිවක් පවසා නැත. ඔහුට ඒම ගැටලු පිළිබද ප්‍රමාණවත් සංවේදිභාවයක් ෙනාමැති බවක් ඒම පුවත්පත් සංවාදයේදී දුන් පිළිතුරු අනුව පැහැදිලි වේ.