தமிழ்
English
Contact
Friday 20th July 2018    
හමුදාව ඉවත් කරන ඉල්ලීම නිසා යුද කදවුර යාපනේ ‌‌‌ලන්දේසි බලකොටුවට ‌! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

හමුදාව ඉවත් කරන ඉල්ලීම නිසා යුද කදවුර යාපනේ ‌‌‌ලන්දේසි බලකොටුවට ‌!



උතුරේ ජනතාව විසින් තම වාසස්ථාන ඉඩම්වලින් හමුදා කදවුරු ඉවත්කරන ‌ලෙස කරන ඉල්ලීම් නිසා යාපනය බලකොටුව ඒහි පුරාවිද්‍යාත්මක හා ‌‌ෙ‌ඒතිහාසික වැදගත්කම ‌නොතකා හමුදා කදවුරක් පිහිටුවීමට ආරක්ෂක අංශ විසින් ‌යෝජනා කර ඇති බව දැනගන්නට ඇත.

යුද සමයේ වසර 30ක් පමණ යුද කදවුරු සහ සන්නද්ධ තමිල් කණ්ඩායම්වවල කදවුරු නිසා පීඩාවට පත් තමන් 2009 සිට මිලිටරි පාලනයක හා හමුදා බුද්ධි අංශ ඇතුලු අතුරු හමුදා කණ්ඩායම්වල හිරිහැරය විදිමින් සිටින බව උතුරේ ජනතාව පවසති. ‌මේ පසුබිම තුළ ආරක්ෂක අංශ උතුරෙන් ඉවත්වනු ‌වෙනුවට යාපනය දිස්ත්‍රික්කයේම ‌වෙනත් ස්ථානවලට ‌ගෙන යන්න ආරක්ෂක අංශ විසින් සැලසුම් කර ඇත. ‌මේ නිසා යාපනය නගරයේ වඩාත්ම වටිනා පුරාවිද්‍යාත්මක ස්ථානය ‌ලෙස සැලකෙන ලන්දේසි බල‌ෙකොටුව ඒහි ‌ගොදුරක් වන ලකුනු ‌පෙනී යයි.

ලන්දේසි යටත් විජිත පාලන යුගයට අයත් ලංකාවේ දෙවන විශාලතම බලකොටුව වන යාපනය කොටුව ‌දෙවැනි වන්නේ ගාලු ‌කොටුවට පමණකි. පසුගිය 30 වසරක යුධමය වාතාවරණයට සෘජුවම බලපෑමට ලක්වූ පුරාවිද්‍යාත්මක ස්මාරකයක් වශයෙන් හැඳින්විය හැක. එල්ටීටීයි ප්‍රහාරයනට ලක්වූ කොටුපවුරේ මුහුදුබඩ මුහුණතේ කොටසක් විනාශයට ලක්වී ඇතත් සමස්ථයක් ලෙස සැලකීමේදී කොටු පවුර දැඩිව විනාශයට පත් වී නොමැත. කොටු පවුරෙහි ඇතුලත භුමියේ පවතින ස්මාරක සියල්ල යුධ වාතාවරණය හේතුවෙන් විනාශයට පත්ව ඇත. මේ අතරින් අතීතයේදී ‘ක්වීන් පැලස්’ ලෙස හැඳින්වූ ගොඩනැගිල්ල අනෙක් ගොඩනැගිලිවලට සාපේක්ෂව සැලැස්ම හඳුනාගත හැකි මට්ටමකින් පවතී. මෙයට ඉදිරියෙන් නිර්මාණය කර තිබූ ලන්දේසි වාස්තුවිද්‍යාත්මක ශෛලියට අයත් කෙටි තාප්පය අවම විනාශයකින් යුතුව පවතී. මෙම ගොඩනැගිල්ලට පිටුපසින් කොටුපවුරට ප්‍රවේශ වීම සඳහා අලංකාර ගරාදිවැටකින් යුතු මාර්ගයක් දක්නා ලැබේ. එය ලන්දේසි අවධියේදී කොටුපවුර වෙත ආයුධ ප්‍රවාහනය සඳහා භාවිත කරන්නට ඇතැයි අනුමාන කළ හැකිය. යාපනය කොටු පවුර ඇතුළත භුමියේ පිහිටි පැරණි ලන්දේසි පල්ලිය යුද ගැටුම්වවලදී බෝම්බ ප්‍රහාර හමුවේ මුළුමනින්ම පාහේ විනාශයට පත්ව ඇත. මෙහි පුළුල් බිත්ති හිරිගල් උපයෝගීකොටගෙන නිර්මාණය කර තිබේ.

මෙම අගනා පුරා විද්‍යාත්මක ස්ථානය යුද හමුදාවේ කදවුරක් සදහා ‌‌යෝජනා කිරිම විසින්ම ආරක්ෂක අංශවල ප්‍රධානින්ට ‌මෙරට සිවිල් ජන ජීවිතය හා ඒහි සමාජ සංස්කෘතික වටිනාකම් ගැන පවතින අවබෝධය සං‌කේතවත් ‌වේ. සන්නද්ධ කණ්ඩායම්වල ‌සාමාජිකයන් පුනරුත්ථාපනයට මුල් තැන දුන් නමුත් මරා දැමීම හා මරණ බය සමග ජීවත්වූ ‌සෙබළ සමූහය සාමාන්‍ය ජීවිත ‌වෙනුවෙන් පුනරුත්ථාපනය කිරීමට අවස්ථාවක් ‌නොවීය. යුද ක්‍රියාවලියක සිටි ‌‌ඒම සොල්දාදුවන් පුනරුත්ථාපනයට ලක් කිරීමේ අවශ්‍යතාව විවිධ පාර්ශ්ව විසින් ඉදිරිපත් කළද ඔවුන් තවමත් ඒහි වැදගත්කම වටහා ‌ගෙන නැත. ‌දේශපාලන නායකත්වය විසින්ද මිලිටරිවාදය ප්‍රයෝජනයට ගනිමින් ජනතාව මර්දනය සදහා හමුදා භටයන් යුද ම‌ොන්භාවය තුළම සිරකර තබා ඇත.