தமிழ்
English
Contact
Saturday 16th February 2019    
දුම්රිය වර්ජකයන්ට මුහුණදීමට හමුදා මෙහෙයුම්! - ආරක්ෂක අමාත්‍යංශයෙන් අවසර ඉල්ලයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දුම්රිය වර්ජකයන්ට මුහුණදීමට හමුදා මෙහෙයුම්! – ආරක්ෂක අමාත්‍යංශයෙන් අවසර ඉල්ලයි



දුම්රිය වැඩවර්ජන නිසා ආණ්ඩුව අපහසුතාවට පත්වීම සම්බන්ධයෙන් විසදුමක් ලෙස යුද හමුදාවෙන් දුම්රිය සේවා පවත්වාගෙන යාමේ මෙහෙයුම් ආරම්භ කිරිමේ සැලැස්මක් යෝජනා කර ඇත.

යුද හමුදා සෙබලුන් යොදවා වැඩ වර්ජන අවස්ථාවල දුම්රිය සේවා පවත්වාගෙන යාමේ මෙහෙයුම් සිදුකළ හැකි බවත් ඒ සදහා දුම්රිය රියදුරන්, රියදුරු සහායකයන් හා වෙනත් සේවා සදහා සොල්දාදුවන් පුහුණු කළ යුතු බවත් යුදහමුදාව ආරක්ෂක අමාත්‍යංශයට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. මෙම ක්‍රියාදාමය අනුමත කළ හොත් වැඩ කරන ජනතාවගේ වෘත්තිය අරගල මර්දනය කිරිමේදී යුද හමුදාව මැදිහත් කිරීම නීත්‍යනුකූල පිළියමක් ලෙස සිදුකරන්නට සිදුවනු ඇත. මේ දක්වා සිවිල් කාර්යයන් සදහා යුද හමුදාව මැදිහත් කරන්නේ ආරක්ෂාව පිළිබද හෝ ආපදා අවස්ථාවකදී පමණි. මෙවැනි ආකාරයට සිවිල් කාර්යයන්ට හමුදාව මැදිහත් කිරීම සමාජමය කකාර්යයන් මිලිටරීකරණය කිරිමකි.