தமிழ்
English
Contact
Thursday 21st June 2018    
ප්‍රචණ්ඩ ක්‍රියාවල සැකකරුවන් ලෙස තවත් 65ක් අල්ලයි - සිරගත කළ මුලු ගණන 146ක් ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ප්‍රචණ්ඩ ක්‍රියාවල සැකකරුවන් ලෙස තවත් 65ක් අල්ලයි – සිරගත කළ මුලු ගණන 146ක් !



පසුගිය කාලය තුළ මහනුවර ප්‍රදේශයේ ජාතිවාදී ප්‍රචණ්ඩත්වයට වගකිව යුතු යැයි සැක කරන පුද්ගලයන් 146ක් අත්අඩංගුවට ගෙන අැති බව ෙපාලිසිය පවසයි.

ඊයේ දවස තුළ පමණක් 65 දෙනකු අත්අඩංගුවට ගත් බවද තවදුරටත් අවශ්‍ය පරික්ෂා කිරීම් හා සැකකරුවන් අත්අඩංගුවට ගැනීම් සිදුකරන බවද පොලිසිය පවසයි. පෙබරවාරි 22 දින රියැදුරකුට පහර දී මරණීය තුවාල සිදුකිරීමෙන් පසුව ඒම ිදුවීමට අදාළ සැකකරුවන් 4 දෙනකු අත්අඩගංුවට ගන්න ලදී. ඉන්පසුව තෙල්දෙනිය ප්‍රදේශයේ ප්‍රචණ්ඩ ක්‍රියා හටගත් අතර ඉන්පසුව තවත් 24 දෙනකු අත්අඩංගුවට ගන්නා ලදී. ඒ් සමගම රටපුරා හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරමින් මහනුවර දිස්ත්‍රික්කයට රාත්‍රි අැදිරි නීතිය ක්‍රියාත්මක කරන ලදී. මේ දක්වා ප්‍රචණ්ඩ ක්‍රියා නිසා පුද්ගලයන් දෙදෙනකු මිය ගිය අතර සගවා ලබන ලද ෙපෙට්‍රල් බෝම්බ පොලිසිය විසින් සොයාගන්නා ලදී. මේ කාලසීාව තුළ ජාතිවාදී ප්‍රචාර සිදුකරමින් ප්‍රචණ්ඩ ක්‍රියාවලට නායකත්වය දුන් බවට සැක කරන අමිත් වීරසිංහ නමැති පුද්ගලයකුද පොලිසිය විසින් නම් කරන ලදී. රට පුරා ව්‍යාප්ත වන්නට ඉඩ නොතබන අරමුණින් සමාජ මාධ්‍ය ජාලා අත්හිටුවන්නට කටයුතු කළ බවද අාණ්ඩුව ප්‍රකාශ කරණ ලදී.