தமிழ்
English
Contact
Tuesday 28th September 2021    
දෙවන මාත්‍රාවට අවශ්‍ය ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොගය ගෙන්වීම නැවත කල් යයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දෙවන මාත්‍රාවට අවශ්‍ය ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොගය ගෙන්වීම නැවත කල් යයි



දෙවන මාත්‍රාව සඳහා භාවිතයට ඇස්ට්‍රාසෙනෙකා මෙරටට පැමිණිමේ නිශ්චිත දිනයක් තවමත් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

මේ සතියේදී අදාළ එන්නත් මාත්‍රා ලැබීමට නියමිතව තිබූ නමුත් යළි එය ඉදිරි දින 10කින් ලෙස කල් ගිය බවයි සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ එන්නත ලැබෙන්නේ කවදාද යන්න තවමත් නිශ්චිත දිනයක් නොමැති බවයි.

මේ අතර පළමු මාත්‍රාව ලෙස කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා ගත් අය සඳහා දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් ලබා දීමෙන් ශ්‍රී ලංකාව කෝවිඩ් එන්නත් මිශ්‍ර කිරීමට පටන් ගත් නමුත් ශ්‍රී ලංකාවට යළි දෙවන මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනෙකා ලැබීම තහවුරු වීම නිසා ෆයිසර් එන්නත දෙවන මාත්‍රාව ලෙස ලබාදීම අත්හිටුවා ඇති අතර, මේ මස අගදී දෙවන මාත්‍රාව ලෙස භාවිතා කිරීම සඳහා අවශ්‍ය ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දෙනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා තිබුණි.

ශ්‍රී ලංකාවේ COVID-19 පැතිරීම වැළැක්වීම සඳහා COVAX පහසුකම හරහා ජපානයේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනෙකා එන්නත මාත්‍රා මිලියන 1.45 ක් ශ්‍රී ලංකාවට ලබා දීමට ජපානය තීරණය කර ඇතැයි රජය පවසයි.