தமிழ்
English
Contact
Saturday 18th August 2018    
අැතිමලේ පාරම්පරික ගොවීන් පළවා හැරීමේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අැතිමලේ පාරම්පරික ගොවීන් පළවා හැරීමේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි !



මොණරාගල අැතිමලේ ප්‍රදේශයේ පාරම්පරිකව අඩ සියවසකට වැඩි කාලයක් කුඹුරු අස්වද්දමින් වගා කළ ගොවින් පළවා හරින ලෙස ප්‍රදේශයේ ඉඩම් හිමි භික්ෂුවක් විසින් මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කළ ඉල්ලීම අද(16) ප්‍රතික්ෂේප කෙරිණි.

මොනරාගල විහාරමුල්ල විහාරස්ථානයේ කොටියාගල චන්දානන්ද නමැති මේ භික්ෂුව විසින් පෞද්ගලික සමාගම්වලට විහාරස්ථානයට පවරන ලද පොදු ඉඩම් විකුනා දැමිමට කටයුතු කර අැත. ඒ ඉඩම් අස්වද්දමින් පාරම්පරිකව කුඹුරු ගෙවිතැනින් ජීවිකාව කරගත් පවුල් සිය ගණනක් මේ නිසා ෙපාලිසිය විසින් පළවා හැරීමට උත්සාහ ගන්නා ලදී. ඒහෙත් ෙගාවි අරගල ව්‍යාපාරයේ මැදිහත් වීමෙන් ඒම පීඩාවට ඒරෙහිව සංවිධානය වූ ගොවීහු අධිකරණය හමුවේ සාධාරණය ඉල්ලමින් සහ මහපාරේ විරෝධය පළ කරමින් දීර්ඝ අරගලයක නිරත වෙති. මහෙස්ත්‍රාත් අධිකරණයේ මෙම තීරණය ගොවි අරගල ව්‍යාපාරයේ නායකත්වයෙන් සංවිධානාත්මකව සටන් කළ ගොවින්ගේ වැදගත් ජයග්‍රහණයක් බව ගොවි අරගල ව්‍යාපාරයේ සංවිධායක ලේකම් විමල් වත්තුහේවා පවසයි.