தமிழ்
English
Contact
Thursday 2nd April 2020    
(Audio) වසංගතය හමුවේ වතු ජනයා නොසළකා හැරියේ වහලුන් නිසාද? | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

(Audio) වසංගතය හමුවේ වතු ජනයා නොසළකා හැරියේ වහලුන් නිසාද?



කොරෝනා වසංගතය හමුවේ වතුකම්කරු ජනයා දේශපාලන නායකත්වයේ මෙන්ම වතු පාලකයන්ගේ අවධානයෙන් ගිලිහී මහත් ආර්ථික පීඩාවක සහ වසංගතයට ගොදුරුවීමේ අවදානමක සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.

වසංගතය ව්‍යාප්තවීමත් සමඟ වතු කම්කරුවන්ගේ තත්වය සම්බන්ධයෙන් අප කළ විමසීමකට ප්‍රතිචාර ලෙස ඔහු විසින් මෙම ප්‍රකාශය සිදුකරන ලදී. ඇඳිරි නීතිය හා සෞඛ්‍ය අවදානම මැද වතුවල වැඩ කළොත් පමණක් හිමිවන වැටුපද නොලැබ වතු කම්කරු ජනයා ලක්ෂ ගණනක් පීඩාවට පත්ව සිටින බවද ඔහු පෙන්වා දෙයි. වතු කම්කරුවන්ට දෛනික වැටුප රු. 1000ක් ලබා දෙන ලෙස ගෙන ගිය අරගලය තුළ අරමුණ වූයේ එම ජනයාගේ ජිවන තත්වය ශක්තිමත් කිරීමය. අවසානයේ ඔවුන්ට හිමිව ඇත්තේ වැඩ කළොත් ලැබෙන රු. 750ක මුදලක් පමණක් බව පවසන පෙ.ස.ප. අධ්‍යාපන ලේකම්වරයා වසංගත අවදානම සහිතව පවුල් පිටින් වාසය කරන ලයින් කාමර පේලිවල පොදු ජල කරාම හා පොදු වැසිකිළි නිසා ඔවුන්ට කොරෝනා වසංගතයෙන් මිදීමට අවම හෝ හැකියාවක් ලබා දී නැති බව පවසයි.

සහන සැළසීම ගැන ආණ්ඩුවේ නායකයන් අදහස් දක්වන කිසිදු අවස්ථාවක වතු කම්කරුවන් ගැන සඳහන් නොවන්නේ ඔවුන් මිනිසුන් ලෙස නොව වහලුන් ලෙස සැළකීමේ තත්වය නිසා බව පෙන්වා දෙන පුබුදු ජයගොඩ මෙම තත්වය වෙනස් කිරීමේ ක්‍රියාකාරී වැඩපිළිවෙළකට එක්වන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටී.

පුබුදු ජයගොඩ විසින් කළ සම්පූර්ණ ප්‍රකාශයේ හඬපටයට පහතින් සවන් දෙන්න.