தமிழ்
English
Contact
Wednesday 20th October 2021    
AUKUS ත්‍රිත්ව රාජ්‍ය යුද සන්ධානය සම්බන්ධ චීනයේ විරෝධය පළ කෙරේ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

AUKUS ත්‍රිත්ව රාජ්‍ය යුද සන්ධානය සම්බන්ධ චීනයේ විරෝධය පළ කෙරේ!



ලෝකයේ බලවත් රාජ්‍ය තුනක් ඒකාබද්ධ වී අත්සන් කළ ආරක්ෂක ගිවිසුමක් හේතුවෙන් ලෝක දේශපාලනයේ බලතුලනය සම්බන්ධ නව ප්‍රවණතාවක් අනාවරණය වෙමින් තිබේ.

අමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය හා ඔස්ට්‍රේලියාව එක්ව AUKUS නමින් ඒකාබද්ධ වී ඇත්තේ ප්‍රධාන වශයෙන් ආසියා ශාන්තිකර කලාපයේ සාමය හා ආරක්ෂා වෙනුවෙන් කටයුතු කිරීමට බව ප්‍රකාශ වීමත් සමඟ එය චීන විරෝධී යුද පෙරමුණක් ලෙස හැඳීන්විය හැකි තත්වයක් උද්ගතව ඇත. මින් පෙර කැනඩාව හා නවසිලන්තය සමග මෙම බලවත් රාජ්‍ය තුන විසින් පිහිටුවාගෙන තිබුනු Five Eyes නමැති රාජ්‍ය ඔත්තු සේවා සම්බන්ධ කිරීමේ ගිවිසුමෙන් වෙනස් ප්‍රවේශයක් ලෙස මෙම ගිවිසුම ඍජු ලෙස යුද ගිවිසුමක ලක්ෂන පෙන්නුම් කරයි.
සැප්තැම්බර් 15 වැනිදා රාජ්‍ය නායක මට්ටමෙන් අත්සන් කරමින් ඔ්ස්ට්‍රේලියාවේ අවි බලය වර්ධනය කිරීමේ මූලික ප්‍රවේශයක් සහිතව පිහිටුවා ගෙන ඇති මෙම නව ආරක්ෂක ගිවිසුමට චීනය විසින් ප්‍රහාරාත්මක ලෙස ප්‍රතිචාර දක්වා ඇත.

චීන විදේශ ඇමති ෂාවෝ ලිජියැන් විසින් මෙම බලවත් රාජ්‍යයන්ගේ නව ඒකාබද්ධතාව හඳුන්වා ඇත්තේ කලාපීය සාමය හා ස්ථාවරභාවයට හානිකර සහ අවි තරගයට කැඳවන සම්මුතිගතවීමක් ලෙසය. වොෂින්ටනයේ චීන තානාපති කාර්යාලය පේනවා දෙන්නේ මෙම බලවත් රාජ්‍යයන් තවමත් ‘සීතල යුද සමයේ මානසිකත්වයෙන් හා මතවාදිමය පූර්ව විනිශ්චයන්’ මත කටයුතු කරන බවයි.
ඔ්ස්ට්‍රේලියාවේ න්‍යෂ්ටික බලැති සබ්මැරීන සැපයීම හා ගුවන් හමුදා ශක්තිය වර්ධනය කිරීම සඳහා මෙම නව ආරක්ෂක සන්ධානයේ ප්‍රධාන අවධානයක් හිමිව ඇත.

මේ අතර නව සන්ධානගතවීමත් සමඟ ඔස්ට්‍රේලියාව විසින් ප්‍රංශය සමඟ ඇතිකරගත් සබ්මැරීන ඇණවුමක් අවලංගු කිරීම නිසා තවත් මතභේදාත්මක තත්වයක් හට ගෙන ඇත. න්‍යෂ්ටික සබ්මැරීන් 12ක් ප්‍රංශයෙන් ඇණවුම් කර තිබියදී එය අවලංගු කරමින් අදාළ ඇණවුම බ්‍රිතාන්‍ය වෙත ලබාදීමට ඔ්ස්ට්‍රේලියාව තීරණය කර ඇත. මෙය ‘පසුපසින් එල්ල කළ පිහි පහරක්’ ලෙස ප්‍රංශය විසින් හෙළා දැක ඇත.

සැප්තැම්බර් 15 AUKUS ගිවිසුම අත්සන් කළ අවස්ථාව