தமிழ்
English
Contact
Tuesday 17th September 2019    
ඇවන්ට්ගාඩ් නඩුවේ චෝදනා 7573ක් - නීති ඉතිහාසයේ වාර්තාවක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඇවන්ට්ගාඩ් නඩුවේ චෝදනා 7573ක් – නීති ඉතිහාසයේ වාර්තාවක්!



නීතිපති දප්පුල ද ලිවේරා ඇවන්ට්ගාඩ් ආයුධ සිදුවීමට අදාළව පුද්ගලයන් 13 දෙනකුට එරෙහිව කළ චෝදනා ගොනු කිරීම ලංකාවේ නීති ඉතිහාසයේ වාර්තාවක් බව අනාවරණය වේ.

ඇවන්ට්ගාඩ් සමාගම යටතේ පාවෙන ආයුද ගබඩාවක් පවත්වාගෙන යාමෙන් චෝදනා ලැබුවන් අතර එම සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති සහ තවත් 12ක් සිටී. මහින්ද රාජපක්ෂ පාලන සමයේ කළ මෙම කාර්ය නිසා ඔවුන්ට එරෙහිව චෝදනා 7573ක් නීතිපතිවරයා විසින් ගොනුකර ඇති අතර එක් නඩුවකදී ඉදිරිපත්ව ඇති වැඩිම චෝදනා ප්‍රමාණය ලෙස ඉතිහාස ගත විය. දණ්ඩනීති සංග්‍රහයේ 450(4) කොටස යටතේ මෙම චෝදනා ඉදිරිපත් කර ඇති අතර මෙම නඩුවේ සංකීර්ණ ස්වභාවය නිසා නඩු විභාගයට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයක් පිහිටුව ලෙස නීතිපති විසින් අගවිනිසුරුගෙන් ඉල්ලා සිටින ලදී.

චෝදනා ප්‍රමාණය අතර නීති විරෝධි ලෙස ස්වයංක්‍රීය ගිනි අවි සහ ජීව උන්ඩ ළග තබා ගැනීම යනු ඇප ලබා දිය නොහැකි චෝදනාවකි. ඇවන්ට්ගාඩ් සාමුද්‍රික සේවා සමාගමට අමතරව රක්නා ලංකා ආරක්ෂක සමාගම, මෙම පාවෙන අවි ගබඩා සිදුවීම සම්බන්ධ චෝදනාවට ලක්ව ඇත. ඒ අනුව ඇවන්ට්ගාඩ් සමාගම් සභාපති නිශ්ශංක සේනාධිපති, රක්නා ලංකා හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජෙනරල් පියසිරි ප්‍රනාන්දු, එම සමාගමේ හිටපු විධායක ප්‍රධානි විශ්‍රාමික මේජර් ජෙනරල් අදිකාරි එගොඩවෙල, රක්නා ලංකා සාගර ආරක්ෂක සමාගමේ සාමාන්‍යධිකාරි විශ්‍රාමික එයාර් වයිස් මාෂල් බාලසුන්දරම් ප්‍රේමචන්ද්‍රන්, රක්නා ලංකා සභාපති වික්ටර් සමරවීර, ඇල්බට් තිලකරත්න, විශ්‍රාමික නාවික කොමදෝරු නන්දන දියබලනගේ, නිලුපුල් ද කොස්තා, ‘MV Avant Garde’ යාත්‍රාවේ යුක්‍රේනියා ජාතික කපිතාන් ගෙනඩි ගව්රිලෙව්, ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම්වරුන් වන සමන් දිසානායක සහ දමයන්ති ජයරත්න මෙසේ චෝදනා ලැබුවන් අතර වෙති. ඔවුන් නඩුවේ වගඋත්තරකාර පාර්ශ්වය ලෙස නම්කර තිබේ.