தமிழ்
English
Contact
Tuesday 25th January 2022    
Back to Home තුළින් උපාලි ගම්ලත් ජාත්‍යන්තර ඇගැයීමට! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

Back to Home තුළින් උපාලි ගම්ලත් ජාත්‍යන්තර ඇගැයීමට!



උපාලි ගම්ලත්ගේ Back to Home සිනමා කෘතියේ තිරරචනය ජාත්‍යන්තර සම්මාන උළෙල තුනකදී ඇගැයීමට ලක්ව තිබේ.

යුද්ධයෙන් අවතැන් වූ උතුරේ වැසියන් මුහුණ දෙන දුෂ්කරතා අළලා ලියැවී ඇති ‘බෑක් ටු හෝම්’ඉන්දියාවේ Golden Leaf ජාත්‍යන්තර සිනමා උළෙල, Andaman & Nicobar ජාත්‍යන්තර සිනමා උළෙල හා පිලිපීනයේ නිදහස් සිනමා උළෙල යන උළෙල තුනෙහිදීම හොඳම තිරරචනය සඳහා වූ සම්මානය දිනාගෙන තිබේ.

මෙම තිරරචනය සැකසීම සඳහා කළ ගවේෂණය පිළිබඳ නිර්මාණය වූ Back to Home වාර්තා චිත‍්‍රපටය ද ජාත්‍යන්තර උළෙල හතකින් සම්මාන 7 ක් දිනාගෙන ඇති බව චිත‍්‍රපට අධ්‍යක්ෂවරයකු හා තිරරචකයකු ලෙස ප්‍රවීනත්වය හිමිකරගෙ ඇති උපාලි ගම්ලත් පවසයි.