தமிழ்
English
Contact
Friday 20th July 2018    
ලේ බැංකුවේ වෛද්‍යවරු වැඩවර්ජනයක ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලේ බැංකුවේ වෛද්‍යවරු වැඩවර්ජනයක !



ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වෛද්‍යවරු අද සිට වැඩවර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර ඇත.
එලෙස වැඩවර්ජනයක නිරත වන්නේ රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධක්ෂකවරයා ලෙස සුදුසුකම් නොලත් පුද්ගලයෙකු පත් කිරීමට වීරෝධය පල කරමින් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත් ආනන්ද ප්‍රකාශ කලේය. රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ ශාඛා 107 ක් රට පුරා පවතින අතර වැඩ වර්ජනයේ මුල් පියවර ලෙස දිවයින පුරා පවතින ලේ දන් දීමේ කඳවුරු වල කටයුතු ඇනහිටින බව ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
රජයේ කිසියම් පත් වීමක් සදහා නිල ක්‍රමවේදයක් තිබුනද එම ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට කිසිදු වැඩ පිළිවෙළක් නොමැත. යම් කිසි පත් වීමකට අදාළ අධ්‍යපන සුදුසුකම් හෝ අවම සුදුසුකම් නොබලා පුද්ගලයන් තනතුරු වලට වාඩී කරති. කවුරු හෝ දේශපාලන හස්තයක් එම පත් වීම් පිටුපස ඇත.