தமிழ்
English
Contact
Tuesday 23rd October 2018    
බස් ගාස්තු වැඩි කිරීම ප්‍රමාණවත් නෑ පෞද්ගලික බස් හිමියන් අඛණ්ඩ වර්ජනයකට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

බස් ගාස්තු වැඩි කිරීම ප්‍රමාණවත් නෑ පෞද්ගලික බස් හිමියන් අඛණ්ඩ වර්ජනයකට



ඉහල දැමූ ඉන්ධන මිලට සමගාමීව අපේක්‍ෂිත බස් ගාස්තු ඉහල දැමීමට ආණ්ඩුව එකඟ නොවීම හේතුවෙන් හෙට(16) දින මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩවර්ජනයකට අවතීර්ණ වන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගම් ප්‍රකාශ කර සිටී.

අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය, සමස්ත ලංකා පෞද්ගලික බස් සංගම සමිති සම්මේලනය මෙම වර්ජන ක්‍රියාමාර්ගය ප්‍රකාශයට පත් කර තිබුණි.

පසුගිය 10වන දින සිට ඉහල නැංවූ ඉන්ධන මිල හේතුවෙන් 15%ත් 20%ත් අතර ප්‍රමාණයකින් බස් ගාස්තු ඉහල දැමිය යුතු බව බස් සංගම් ප්‍රකාශ කිහිපයක් විසින් ප්‍රකාශ කර තිබූ අතර ඒ අනුව බස් ගාස්තු සංශෝධනය සඳහා වන කමිටුව ඊයේ(14) වන දින රැස්වී 6.56%කින් ඉහල දැමීමට තීරණය කරන ලදි.

කෙසේ වෙතත් අදාළ මිල ඉහල දැමීමේ තීරණය සමඟ කිසිසේත් එකඟ නොවන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගම් පවසයි.

ජනතාව පීඩාවට පත්කරමින් මෙලෙස ඉන්ධන මිල ඉහල දැමීමෙන් පසුව සිදුවන ද්විතීය වූ මිල ඉහළයෑම් වලද සමස්ත බරම අවසානයේ ආණ්ඩුව විසින් මහජනතාව මත පටවමින් තත්වයන් යටපත් කරනවා හැරෙන්නට වෙනත් කිසිඳු උත්සාහයක සේයාවක් හෝ පෙනෙන්නට නොමැති බව පැහැදිලිව දක්නට ඇත.