தமிழ்
English
Contact
Saturday 26th May 2018    
පුරප්පාඩු 60000ක් - රැකියා දියව් !, රැකියා විරහිතයෝ රට පුරා විරෝධතා දක්වති | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පුරප්පාඩු 60000ක් – රැකියා දියව් !, රැකියා විරහිතයෝ රට පුරා විරෝධතා දක්වති



අද (16) දින උදේ 11 ට රැකියා විරහිත උපාධිධාරි සංගමය දිවයින පුරා උද්ඝෝෂණ  මාලාවක් දියත් කර ඇත. ඔවුන් මෙලෙස විරෝධතාවයේ නියැලෙන්නේ මේ වන විට රාජ්‍ය  අංශයේ පුරප්පාඩු 60,000 කට වඩා  තිබියදි  ආණ්ඩුව වසර ගණනක් තිස්සේ උපාධිධාරීන් මහ මග රස්තියාදු කරන බැවිනි. රැකියා විරහිත උපාධිධාරි සංගමය අවස්ථා රැසකම විරෝධතා ගණනාවක් සිදු කර ඇත. ඒවාට ආණ්ඩුවෙන් ලැබුනේ කදුළු ගෑස් හා ජල ප්‍රහාර පමණි.

රැකියා විරහිත උපාධිධාරි සංගමයසටන් ක්‍රියාමාර්ගවලට එළඹෙන්නේ ආණ්ඩුව රැකියා විරහිත උපාධිධාරින් වෙත කිසිදු තීරණයක් නොගන්නා බැවිනි. එම නිසා දිවයිනේ අනුරාධපුරය, මහනුවර, කුරුණෑගල, රත්නපුර, කෑගල්ල, මාතර, තංගල්ල, ගාල්ල, කළුතර, වව්නියාව, යාපනය, ත්‍රිකුණාමලය, අම්පාර, මඩකලපුව වැනි දිස්ත්‍රික්ක රැසක ඔවුන් දැනටමත් විරෝධතාවයේ නිරත වෙමින් සිටිති.