தமிழ்
English
Contact
Tuesday 25th June 2019    
පොරොන්දු ඉටුකරන ලෙස බලකරමින් රැකියා විරහිත උපාධිධාරීහු හෙට (6) කොළඹට එති! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පොරොන්දු ඉටුකරන ලෙස බලකරමින් රැකියා විරහිත උපාධිධාරීහු හෙට (6) කොළඹට එති!



රැකියාවිරහිත උපාධිධාරීන් 60,000ක් පීඩාවට පත්ව සිටියදී ආණ්ඩුව විසින් පුරප්පාඩු පියවීමේ පොරොනද්ු දී ඒවා කඩ කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කිරීමට හෙට(6) කොළඹ නගරයේ දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට ඒකාබද්ධ රැකියාවිරහිත උපාධිධාරී සංගමය තීරණය කර තිබේ.

මේ විරෝධතාවයට එක්වන්නට අපේක්ෂා කරන සියලුම රැකියා විරහිත උපාධිධාරින් හෙට පෙරවරු 9.00ට කොළඹ මහජන පුස්තකාලය අසළට පැමිණෙනු ඇති බව විරහිත උපාධිධාරී සංගමයේ කැදවුම්කරු තැන්නේ ඥානානන්ද හිමි ජනමාධ්‍ය වෙත ප්‍රකාශ කරණ ලදී. පසුගිය කාලයේ රින්වර කොළඹදී රැකියා විරහිත උපාධිධාරින් පැවැත්වූ උද්ඝෝෂණ හමුවේ ආණ්ඩුව විසින් දුන් විවිධ පොරොන්දු නොසළකා හැර අවසානයේ රැකියා 4052 ක් පමණක් ලබාදුන් බවද එසේවුවද මැති ඇමතිවරුන්ට 215%ක වැටුප් වැඩිකිරීමක් සිදුකරගත් බවද උපාධිධාරි සංගමයේ කැදවුම්කරු හිමියන් එහිදී පෙන්වා දී ඇත.