தமிழ்
English
Contact
Wednesday 21st August 2019    
රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරීන් ඉවත් කිරීමේ තීරණය නවතනු! - ඒකාබද්ධ සංවර්ධන නිලධාරි සංගමය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරීන් ඉවත් කිරීමේ තීරණය නවතනු! – ඒකාබද්ධ සංවර්ධන නිලධාරි සංගමය



රාජ්‍ය සේවය සඳහා බඳවා ගෙන තිබෙන රැකියා විරහිතව සිටි උපාධිධාරීන් අතුරින් පිරිසක් ඉවත් කිරීමට ගෙන ඇති අත්තනෝමතික තීරණය වහා හකුලා ගන්නා ලෙස ආණ්ඩුවට බල කරන බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරි සංගමය පවසයි.

එම සංගමය අද(14) දින කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මෙලෙස ප්‍රකාශ කරන ලදි.

රැකියා විරහිත උපාධිධාරීන් 58000ක් අතුරින් වසර 6කට පසු පසුගිය අගෝස්තු 20 දින උපාධිධාරීන් 4053කු සඳහා රාජ්‍ය සේවය සඳහා අවස්ථාව ලබා දී තිබු අතර එම සේවා නියුක්ත උපාධිදාරීන් අතුරින් පිරිසක් මෙලෙස මූලික සුදුසුකම් නොමැති බව පෙන්වා දෙමින් සේවයෙන් ඉවත් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති අතර අදාළ තීරණයට විරෝධය දක්වමින් ඒකාබද්ධ සංවර්ධන නිලධාරි සංගමය මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණි.

එහිදී අදහස් දැක්වූ එම සංගමයේ ජාතික සංවිධායක ධම්මික මුණසිංහ.
“මේ වෙනකොට ආණ්ඩුව පසුගිය අගෝස්තු මස රාජ්‍ය සේවයට බදවාගත් උපාධිධාරීන් අතුරින් පිරිසක් අසාධාරණය ලෙස ඉවත් කරන්න උත්සාහ කරනවා. අග්‍රාමාත්‍යවරයාගේ යටතේ ඇති ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය මගින් 2017 අගෝස්තු මස පල කළ පුවත්පත් නිවේදනය අනුව උපාධිධාරීන් 58000ක් පමණ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සහ පසුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සම්මුඛ පරීක්ෂණ පවත්වා අවුරුද්දකට පසුව මේ උපාධිධාරීන් බඳවාගන්නා ලදී. උපාධිධාරීන් 20000ක් ගන්න සූදානම් වුන ආණ්ඩුව අන්තිමේ උපාධිධාරීන් 4053ක් බදවා ගත්ත. බදවා ගත්තෙ මූලික සුදුසුකම් සහ පැවති පළමු සම්මුඛ පරීක්ෂණයෙ ළකුණු අනුව. නමුත් දැන් ඒ මූලික සුදුසුකම් නැති බව පවසමින් උපාධිධාරීන් ඉවත් කිරීම අසාධාරණයි. අභ්‍යන්තර හෝ බාහිර වශයෙන් උපාධිධාරීන් වෙන කරන්න මෛත්‍රීපාල ට හෝ රනිල් වික්‍රමසිංහ ට බෑ. 1992 චක්‍රලේඛයෙන් අභ්‍යන්තර , බාහිර උපාධි සමාන කරල තියෙන්නෙ. ඒ නිසා එවා ආණ්ඩුවට වෙනස් කරන්න බෑ . මේ ආණ්ඩුව එක එක සූත්‍ර පාවිච්චි කරලා ඉන්ධන මිල ඉහළ දමනවා වගේ අනෙක් ඒවාටත් එක එක සූත්තර පාවිච්චි කරනවා. ආන්ඩුව බලය ගත්තෙ උපාධිධාරීන්ට රැකියා දෙනව කියලා. අනෙක් ආණ්ඩු වගේ උපාධිධාරීන් මහපාරෙ තියන්නෙ නෑ කියලා. නමුත් පෙර පැවති ආණ්ඩු වගේම වත්මන් පාලනයත් වෙනසක් නෑ”
උපාධිධාරීන් දීර්ඝ කාලයක් අඛණ්ඩව අරගල කරලයි ආණ්ඩුවෙන් මේ රැකියා ගන්නෙ. අරගල නැත්නම් උපාධිධාරී තාමත් මහපාරෙ. ඒ අරගල කරල ගන්න රැකියා කියන්නෙ ජනාධිපතිවරයාගේ හෝ අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික බූදලයක් නෙවෙයි. ඒ නිසා බඳවාගත් එකදු උපාධිධාරීයෙක් හෝ අත්තනෝමතික ලෙස ඉවත් කරන්න දෙන්නෙ නෑ. උපාධිධාරී ඉල්ලීම් පසෙකලා, ආණ්ඩුව උපාධිධාරීන් ඉවත් කරන්නේනම් ඉදිරියේදී විරෝධතා ක්‍රියාමාර්ග ගන්නවා. එමෙන් ම මේ කරන්න යන්නෙ මූලික අයිතීන් කඩ කිරීමක්, ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නත් අපි සාකච්ඡා කරනවා. ආණ්ඩුව පුරප්පාඩු තිබියදී රැකියා නොදී කරන සෙල්ලම වහා නතර කරන ලෙස යෝජනා කරනවා. මේ කරන්නෙ උපාධිධාරීන්ගේ ජීවිත එක්ක සෙල්ලමක්. ඒ සෙල්ලම වහාම නැවැත්විය යුතුයි.