Posted on 11.22.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදි අක්‍රමිකතා රැසක් සිදුවී ඇති බව නොවැම්බර් 20 දින පාර්ලිමේන්තුවේදී රැස්වූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) සාකච්ඡාවට ලක්ව තිබිණි.
එහිදී මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා දිවෙන පළමුවන අදියර ඉදිකිරීම් ආරම්භ වීම 2015 සිට 2019 දක්වා ප්‍රමාද වීම නිසා රුපියල් බිලියන 08ක මූල්‍ය අලාභයක් සිදුව ඇත. එසේම 2012 දි උතුරු අධීවෙිගි මාර්ගය ලෙස පියවර 03ක් යටතේ පැවති ව්‍යාපෘතිය 2015 වර්ෂය වන විට මධ්‍යම අධිවෙිගී මාර්ගය ලෙස පියවර 04 ක් බවට පත් කිරීම හා එඩේරමුල්ල සිට මීරිගම දක්වා ඉදිකිරීමට තිබූ මාර්ගය කඩවත සිට ඉදිකිිරිමට ගත් තීරණය නිසා තවත් ශක්‍යතා අධ්‍යයනයන්ට අමතරව බිලියන 1.7 කට වැඩි මුදලක් වැය වී ඇත.