தமிழ்
English
Contact
Sunday 23rd February 2020    
CHEnge සඟරාව මැයි 15 ඔබ අතට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

CHEnge සඟරාව මැයි 15 ඔබ අතට



පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ තරුණ අංශය ‘වෙනසක තාරුණ්‍ය‘ (Youth for CHEnge) සංවිධානය විසින් ප්‍රකාශයට පත්කරන CHEnge සගරාව මැයි 15 සවස 3.30ට කොළඹ 7, බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනය‍ෙ(NADA) දී පාඨකයන් අතට පත් කෙරේ.

මෙම අවස්ථාවේ පැවැත්වෙන අදහස් දැක්වීමට ළහිරු වීරසේකර, විසාකේස චන්ද්‍රෙස්කරම්, පුබුදු ජයගොඩ සහ සුමනසිරි ලියනගේ දායක වනු ඇත.

‘වෙනසක තාරුණ්‍ය‘ වෙනුවෙන් ළහිරු වීරසේකර විසින් ‘CHEnge දේශපාලනය කුමක්ද?‘ යන තේමාවෙන් අදහස් දක්වනන්නට නියමිතය.

‘දේශපාලන ක්‍රියාකාරිත්වය තුළ කලාව‘ යන තේමාවෙන් ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් විසින් අදහස් දක්වන්නට ආරාධනා ලැබ සිටී.

පුබුදු ජයගොඩ අදහස් දක්වන්නට නියමිතවන්නේ ‘දෘෂ්ටිමය ත්‍රස්තවාදය‘ යන තේමාවෙනි.

ආචාර්ය සුමනසිරි ලියනගේ අදහස් දක්වනු ඇත්තේ ‘අන්තවාදය, ත්‍රස්තවාදය ගැන මාක්ස්වාදයෙන්‘ යන තේමාව ඔස්සේය.

‘වෙනස්කරන ක්‍රියාවලිය තුළ වෙනස්කරන්නන්ද වෙනස් කිරීම‘ යන තේමාවෙන් යුතු CHEnge පිටපතක් රු. 150.00ක් වේ.