தமிழ்
English
Contact
Tuesday 20th August 2019    
‘වෙනසක තාරුණ්‍ය‘ය විසින් CHEnge සඟරාව ජනගත කෙරේ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

‘වෙනසක තාරුණ්‍ය‘ය විසින් CHEnge සඟරාව ජනගත කෙරේ!



පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ තරුණ අංශය ‘වෙනසක තාරුණ්‍ය‘ (Youth for CHEnge) සංවිධානය විසින් ප්‍රකාශයට පත්කරන CHEnge සඟරාව අද(15) සවස 3.30ට කොළඹ 7, බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී(NADA) පාඨකයන් අතට පත් කෙරිණි.
CHEnge සඟරාවේ ප්‍රථම පිටපත පිළිගන්වන ලද්දේ දේශපාලන අරගල බිමේ අඛණ්ඩ හා ධෛර්ය සම්පන්න ක්‍රියාකාරිනියකවන නෙලුම් උඩවත්තගේ වෙතයි.
CHEnge සඟරාව ප්‍රකාශයට පත්කළ එම අවස්ථාවේ ‘වෙනසක තාරුණ්‍යය‘ වෙනුවෙන් ළහිරු වීරසේකර ‘CHEnge දේශපාලනය කුමක්ද?‘ යන තේමාවෙන් අදහස් දක්වන ලද අතර ‘දේශපාලන ක්‍රියාකාරිත්වය තුළ කලාව‘ යන තේමාවෙන් ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් විසින් අදහස් දක්වන ලදී. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අදහස් දැක්වූයේ ‘දෘෂ්ටිමය ත්‍රස්තවාදය‘ යන තේමාවෙනි. එසේම ආචාර්ය සුමනසිරි ලියනගේ විසින් ‘අන්තවාදය, ත්‍රස්තවාදය ගැන මාක්ස්වාදයෙන්‘ යන තේමාව ඔස්සේ අදහස් දැක්වීය.

‘වෙනස්කරන ක්‍රියාවලිය තුළ වෙනස්කරන්නන්ද වෙනස් කිරීම‘ යන තේමාවෙන් ප්‍රකාශයට පත් කෙරෙන වාර ප්‍රකාශනයක් ලෙස CHEnge සඟරාවේ පිටපතක් රු. 150.00ක් වේ.